පොලිසියේ පුරප්පාඩු 28,000ක් - මහජන ආරක්ෂක ඇමති [VIDEO]
මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින්. එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින බවය.
ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මේ වනවිට උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යන තනතුරු සඳහා අයදුම්පත් ලැබෙමින් පවතින බව ද සඳහන් කළ අමාත්‍යවරයා, පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියා.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවේ මේ අතර, පරීක්ෂණ ශ්‍රේණියේ සිටින නිලධාරීන් 1,500කට ද උසස්වීම් ලබාදීමට නියමිත බවයි.
