ලංකාවටම සරුයි - මෙච්චර ආදායමක්
2025 ජූලි මාසයේ පළමු දින හයක දී විදේශික සංචාරකයින් 36,002ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නවතම වාර්තාවකදී සඳහන් කරයි.
ඒ අනුව, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව 12 ලක්ෂය ඉක්මවෙමින් 1,204,046 ක් ලෙස සටහන් වේ.
එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ, 2025 වසරේ පළමු භාගය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.71ක ආදායමක් උපයා ඇති බවයි.