ළමුන් ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ පණිවිඩයක්

Report

කුඩා ළමුන්ට නොයෙකුත් ආකාරයේ වද හිංසා සිදුවන පුවත් පිළිබඳව අද වනවිට වාර්තා වනන ප්‍රමාණය වැඩියි.ඒ වගේම ළමා වයසේ සිටින දරුවන් හට එයාකාරයෙන් සිදුවන ළමා හිංසන බොහෝ දෙනා අනාවරණය කිරීමට බිය වෙයි.

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

මෙම හේතු කාරණා නිසාම ගෘහස්ථ හිංසනයට ලක්වන දරුවන්ගේ ප්‍රමාණය වාර්ෂිකව ඉහළ ප්‍රතිශතයක් වේ.ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ළමුන් වෙනුවෙන් ඉහල නීති පද්ධතියක් සකසා ඇති බැවින් ළමුන්ට සිදුවන මොනයම් හෝ හිංසනයක් පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විශේෂ වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.

පෙරපාසලක ආහාර විෂ වීමක් - 233ක් රෝහලේ

පෙරපාසලක ආහාර විෂ වීමක් - 233ක් රෝහලේ

ඒ අනුව යම් කෙසේ ළමා හිංසනයක් දුටු වහාම 109 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට පණිවිඩයක් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා පොලිසිය සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියි.ළමුන් වෙනුවෙන් සිදුකරන ඕනෑම හිංසනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්.