පැලවත්ත සේවකයන් විරෝධතාවයක

Report

පැල්වත්ත සීනි සමාගමේ උක් වගාබිම්වල සේවය කරන සේවකයන් ප්‍රවාහනය සඳහා භාවිත වන ලොරි රථ සඳහා ඉන්ධන ලබා ගැනීම සදහා අවශ්‍ය මුදල් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ නොගෙවීමේ හේතුවෙන්, එම රථ රියදුරන් සහ සේවක පිරිසක් සමාගමේ පරිපාලන කාර්යාලය ඉදිරියේදී විරෝධතාවයක නිරත වුණි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ලොරි රථ රියදුරන් පවසන්නේ මෙසේය:

” අපිට ණයට තෙල් දෙන්නේ නෑ. ලීසින් දාන්න ඕනෙ, ණය ගෙවන්න ඕනේ, තෙල් ගහන්න ඕනේ, දරුවන්ට කන්න දෙන්න ඕනේ. අපේ අසරණකම අපි කියන්නේ. මේ දවස් කිහිපයේම ගියා. ඒ නිලධාරීනුත් අසරණයි, මුදල් නෑ කියනවා. කොරෝනා දවස්වලත් අපි සේවකයන් අරගෙන ඇවිත් උක් කපලා මේ සමාගම පෝෂණය කළා. අවුරුදු 20-30 ඉඳන් සේවයට එන සේවකයෝ මෙතන ඉන්නවා කවදාවත් මෙහෙම වෙලා නෑ. අපිට මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනකම් යන්නේ නෑ.”

අම්මෝ දොස්තර නෝනගේ බොරු - රට වටේම ගෙවල්

අම්මෝ දොස්තර නෝනගේ බොරු - රට වටේම ගෙවල්

උක් කපන සේවකයන් ද මෙමගින් තම අපහසුතාවය පළ කළහ:

“අපිට කියන්නේ සීනි විකුණන්නද එතනෝල් විකුණන්නද ඒක අපිට දෙයක් නෙවෙයි. ඒවා විකිණුනේ නෑ කියන එකත් අපිට අදාළ දෙයක් නොවෙයි. අපි කරන්නේ උක් ගහ හිටවලා පැළේ ඉඳලා බලාගෙන හදලා පරිස්සම් කරලා කපලා දෙන එක. එහෙම කරන අපිට අඩුම තරමේ ගෙදර යන්න තෙල් ටික දෙන්න මේ සමාගමට අද බැරිවෙලා. අපි ගොඩාක් දුර ඉඳලා එන්නේ. පාන්දර තුනට හතරට අපි වැඩට එන්නේ. මේ ඉන්නේ උදේ නවයට කාපු ගමන්. අපේ ගෙවල් වලට යන්න හරි තෙල් ටික දෙන්න කියලා තමයි අපි කියන්නේ. නැත්නම් අපිට යන එන මං නැතිවෙනවා.”  

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට