අම්මෝ දොස්තර නෝනගේ බොරු - රට වටේම ගෙවල්

Sri Lanka Police sri jayewardenepura hospital Latest Headlines Sinhala news Dr Maheshi Wijeratne
By Ashfa Jul 09, 2025 07:22 AM GMT
Ashfa

Ashfa

Report

ශල්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න මහත්මිය ලබන ජූලි 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් ඊයේ (08) නියෝග කළාය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

එම චෝදනාවට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකරු ලියනගේ කැකුලන්ද ඉන්දික සහ එම්.ඒ. නිමල් රංජිත් මුතුකුඩ යන සැකකරුවන් දෙදෙනාට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2ක ශරීර ඇපයක් යටතේ ඇප නියම කරමින් ඔවුන් මුදාහැරීමට අධිකරණය නියෝග කළ අතර, ඔවුන්ගේ විදෙස් ගමන් තාවකාලිකව තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමටද නියෝග කළාය.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරියගේ දියණිය හේමාලි විජේරත්න මහත්මිය විසින් කුරුඳුවත්ත පොලිසියට ලබාදුන් ප්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා, පොලිස් ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

චෝදනාවට අනුව, රෝහලේ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, 'ඊ.වී.ඩී. නේට්' සහ 'වී.පී. ෂන්ට්' වැනි ශල්‍ය උපකරණ රෝගීන්ට පිටත ආයතනයක් හරහා ලබා ගැනීමට බල කරමින්, එම වෛද්‍යවරිය සහ ඇය සම්බන්ධ කළමනාකාර පිරිස රෝහලට සහ රෝගීන්ට වාර්තානිය පාඩුවක් සිදු කර ඇති බව චෝදනා වෙයි.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ, වෛද්‍යවරිය රුපියල් 50,000ක් පමණ වටිනා උපකරණයක් රුපියල් 175,000කට රෝගීන්ට විකුණා අයුතු ලාභයක් ලබාගත් බවට පැමිණිලි ලැබී ඇති බවයි.

තවද, 'ඔක්සිජන්' සහ 'සර්ජිකේජන්' ලෙස හැඳින්වෙන තවත් උපකරණ දෙකක්ද මෙලෙස වැඩි මිලට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඇය සඳහන් කළාය.

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සැකකාරියගේ නිශ්චිත පදිංචිය තහවුරු කර ගැනීම සඳහා මැතිවරණ කොමිසමෙන් වාර්තාවක් ලබාගත් අතර, ඒ අනුව ඇය මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත. ඇය පෙර සිට කොළඹ 07, රොස්මිඩ් ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක් පවත්වාගෙන ගියද, විජේරාම ලිපිනයක්ද භාවිතා කර ඇති බවත් වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධව ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවේ තවත් පිරිසක් සම්බන්ධද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වේ. 2023 සැප්තැම්බර් 11 වනදා ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ වී ඇති අතර, ඉදිරියටම සැප්තැම්බර් 05 වනදා රෝගියෙකු විසින් රුපියල් 30,000ක් වටිනා උපකරණයක් රුපියල් 175,000කට මිලදී ගැනීමට සිදුවූ බවට රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.

ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයා සහ සැකකාර කළමනාකරු අතර සිදුවූ සංවාදයක් පටිගත කර රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇතැයිද අධිකරණය වෙත දැනුම් දෙන ලදී.

රෝගීන්ගේ ප්‍රකාශ අනුව, මෙම සිද්ධිය හේතුවෙන් රෝගීන්ට රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් සිදුවී ඇති බවත්, හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයෙකු වූ සැමියෙකු මෙම උපකරණ භාවිතයෙන් ශල්‍යකර්මයකට ලක්වීමෙන් පසුව මියගිය බවත් වෛද්‍යවරියක වන කේ.ජී. කුමාරි කරුණාරත්න මහත්මිය විසින් ප්‍රකාශ කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේ, ඇය ශල්‍යකර්ම 10,000කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතිදක්ෂ වෛද්‍යවරියක් බවත්ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බලමින්, අධිකරණය සැකකාරිය 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබිය යුතු බව නියෝග කළ අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද අල්ලස් කොමිසමට උපදෙස් ලබා දිනි.

ReeCha