භාතිය ඇතුගේ මුවාවෙන් සිදු කෙරූ වංචාවක් මාට්ටු

Report

මෙවන විට රෝගාතුර වී ප්‍රතිකාර ලබන භාතිය ඇත් රජු පිළිබඳව මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම අවධානය යොමු වී තිබේ.පසුගිය කාලසීමාවේ ඔහු ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වීමෙන් පසුව නිසි ප්‍රතිකාරවලට ලක්වීමට භාතිය ඇත් රජුට වාසනාව උදාවිය. මෙම ප්‍රතිකාරවල ප්‍රතිඵලයක් වශයෙන් හිටිය තත්වෙට වඩා භාතිය ඇත් රජුගේ චලනයන් වල යම්කිසි වර්ධනයක් ඇති බවට වෛද්‍යවරුන් සඳහන් කරයි.

විශ්වවිද්‍යාලවල නවක වධයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විශ්වවිද්‍යාලවල නවක වධයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඒ දේවල් ඒ විදිහට සිදුවෙද්දි භාතිය ඇත් රජුට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් අවශ්‍ය යැයි ප්‍රචාරය කරමින් ඒ වෙනුවෙන් මුදල් එකතු කිරීමේ වංචා සහගත ක්‍රියාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. භාතිය ඇත් රජුට ප්‍රතිකාර කිරීමට එකතු වී සිටින බොහෝ පිරිසක් මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කෙරූ අතර එවැනි මුදල් එකතු කිරීමේ වැඩ පිළිවෙලක් සිදු නොවන අතර එවැනි වංචාකාරයන්ට නොරැවටෙන ලෙසත් ඔවුන් ඉල්ලීම් කර තිබේ.

විමල් CIDයට පැමිණෙයි

විමල් CIDයට පැමිණෙයි

පෙරපාසලක ආහාර විෂ වීමක් - 233ක් රෝහලේ

පෙරපාසලක ආහාර විෂ වීමක් - 233ක් රෝහලේ