රට පුරා සියලුම පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..නිරුවත් ඡායාරූප ගැන පැතිර යන ආරංචිය මෙන්න..

Ministry of Education Sri Lanka Sri Lankan Schools Education Social Media
By Aruna Nov 21, 2024 01:02 AM GMT
Aruna

Aruna

Report

යෞවන වයසේ පසුවන පාසල් දරුවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගනිමින් වෙනස් කර ඔවුන් බියගන්වා නිරුවත් ඡායාරූප ගෙන්වා ගැනීමේ සිද්ධීන් මේ දිනවල වැඩිවශයෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුනුපොළ මහතා පවසනවා.

විවිධ උපකාරක පන්තිවල වට්ස්ඇප් හා ටෙලිග්‍රෑම් සමූහ හරහා පාසල් දරුවන්ගේ ඡායාරූප ගෙන ඒවා කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් නිරුවත් ඡායාරූප සමග බද්ධ කර නැවත යවා පාසල් දරුවන් බිය ගන්වන බවයි අනාවරණය වී ඇත්තේ.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.


මෙහිදී වට්ස්ඇප් හා ටෙලිග්‍රෑම් සමූහ ගිණුමට යොදා ඇති ඡායාරූප බාගත කරගෙන ජාවාරම්කරුවන් විසින් කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් එම ඡායාරූප සකස් කරනු ලැබේ.

එලෙස සකස් කළ ඡායාරූප යළි හිමිකරුට යවා එම ඡායාරූපය අසභ්‍ය වෙබ් අඩවිවල බෙදාහැරෙමින් පවතින බවට ඔවුන් බියගන්වා එය ඉවත් කරගැනීමට අවශ්‍ය නම් මෙවැනි ඡායාරූප ඉවත් කිරීමේ සේවාවක් හරහා එය ඉටුකරගත හැකි බව දන්වා තමා එවන උපදෙස් මාලාව අනුව ක්‍රියා කරන්නැයි උපදෙස් දෙනු ලබයි.

ඡායාරූපයේ සිටින්නේ අදාළ දරුවාමදැයි නිශ්චිත කරගැනීමට නම් සත්‍ය නිරුවත් ඡායාරූපයක් උඩුගත කරන ලෙස එම උපදෙස් මාලාවේ අඩංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි දින කිහිපය ගැන දැඩි අවධානයෙන් ඉන්න..දින 02ක් විශේෂ කරමින් කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..

ඉදිරි දින කිහිපය ගැන දැඩි අවධානයෙන් ඉන්න..දින 02ක් විශේෂ කරමින් කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..


එම උපදෙස් මාලාව අනුගමනය කරන දරුවන් සිය සැබෑ නිරුවත් ඡායාරූපයක් අදාළ ලින්ක් ඔස්සේ යැවීමට පොලඹවයි.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙන්නේ, මෙවැනි සිදුවීම් වීමේ වැඩි ප්‍රවණතාවක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් උසස්පෙළ පන්තිවල දරුවන් මෙවැනි සිදුවීම්වලට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවයි.

ReeCha