පාසල් ළමුන් සම්බන්ධයෙන් අද සිට කරන්න යන දේ මෙන්න...
අද ළමයි ප්‍රවාහනය කිරීම දැඩි අර්බුධයක
ඩීසල් මිල ඉහළ දැමීම නිසා අද (06) සිට ප්‍රවාහන ගාස්තු සියයට හතලිහකින් වැඩි කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා ඊයේ (5දා) අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කියා සිටියා.
එමෙන්ම සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීමට ඇති බාධා හමුවේ අද පාසල් ළමයි ප්‍රවාහනය කිරීම දැඩි අර්බුධකාරී බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
මේ අතර අද (06) දිනයේ පූර්ණ වශයෙන් බස් රථ ධාවනය සිදුනොවන ප්‍රදේශ කිහිපයක් පිළිබඳව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
දකුණු පළාත, ගම්පහ දිස්ත්‍රික්කය, මන්නනාරම, වව්නියාව, කෑගල්ල, මාවනැල්ල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශයන්වල ද පූර්ණ වශයෙන් බස් ධාවනය සිදුනොවන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.
“බස් රථ සංඛ්‍යාත්මකව බැලූ විට 10%ත් 15% අතර ප්‍රමාණයක් තමයි අද දිනයේ ධාවනය වෙන්නේ.
පැහැදිලිව කියන්න ඕනේ. මේ නම්කළ ප්‍රදේශ ලංගම ඩිපොවලින් ඩීසල් ලබානොදුන් ප්‍රදේශ.
මේ ප්‍රදේශවලින් ලංගම හරහා ඩීසල් ලබාගන්න කටයුතු සිද්ධ වුණේ නැහැ.
මේ සම්පූර්ණ වගකීම ඒ අදාළ බලධාරීන් ඒ වගේම විදුලි බල අමාත්‍යවරයා වගකීම භාර ගතයුතුයි කියලා මම පැහැදිලිවම කියන්නේ.
මොකද පොදු ප්‍රවාහන සේවයට ඒ අවශ්‍ය දේ කරන්න කටයුතු කළේ නැහැ.
අපි දකිනවා අමාත්‍යවරුනුත් යම් ආකාරයට නිහඬතාවයට පත්වෙලා තියෙනවා මේ ඉන්ධන සීමාකිරීම තුළ.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |