හදිසියේ පාසලක අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම නවතී..

Education School Madakalapuwa Picketing
By Aruna Dec 06, 2021 08:47 AM GMT
Aruna

Aruna

Report

මඩකලපුව - ශිවානන්ද විදුහලේ සේවය කරන ගුරුවරයෙකුට එරෙහිව පාසල ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක් සංවිධාන කර තිබීම හේතුවෙන් පාසලේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටි බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් ගුරුවරුන්ට සහ සිසුන්ට අද පාසලට පැමිණීමටද නොහැකිවී ඇති අතර, අදාළ පිරිස පාසලේ ගේට්ටුව වසා දමා තිබූ බවද සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය සඳහන් කළේ උතුර පළාතේ සිදුවන ඇතැම් වංචා දූෂණ හෙළි කිරීම සහ වැඩවර්ජනවලට සහභාගිවීම හේතු කරගනිමින් අදාළ ගුරුවරයාට එරෙහිව එම විරෝධතාව පැවැත්වූ බවයි.

එය සංවිධාන කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සහයකයින් පිරිසක් බවද ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now