පාසල් බස් රථ සහ වෑන් රථ ධාවනයෙන් ඉවතට.

By Wayomi Oct 21, 2024 07:40 AM GMT
Report

හැටන් ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික පාසල් වලට ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ 12ක් ධාවනයෙන් ඉවත් කිරීමට නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරීක්ෂක දමින්ද සේනාරත්න අද (21) තීරණය කර තිබෙනවා.

මස්කෙලිය, සාමිමලේ, බගවන්තලාව, නෝටන්බ්‍රිජ්, තලවකැලේ, කොටගල ඇතුළු ප්‍රදේශ රැසක දිනපතා පාසල් ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ සහ වෑන් රථ 30ක පවතින අඩුපාඩුකම් සොයා බැලීමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කෙරුණා.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

එහිදී දැඩි පරික්ෂාවක් සිදු කළ මොටර් රථ පරික්ෂකවරයා වාහන 12ක පවතින අඩුපාඩුකම් සපුරා ගැනීමට දින 14 ක කාලයක් ඔවුන් වෙත ලබාදුන් අතර, එම වාහනවල පවතින අඩුපාඩුකම් සපුරා යළිත් මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කරන තෙක් එම වාහන ධාවනයෙන් ඉවත් කර එම වාහනවල අදායම් බලපත්‍රය මොටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගෙන ඇත.

රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප චිරාජ් කුලසුරිය කියා සිටියේ එම වාහනවල පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් එම වාහන වල ගමන් ගන්නා පාසල් සිසු සිසුවියන්ගේ මව්පියන් විසින් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට කළ දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මෙම වාහන පරීක්ෂාව සිදු කළ බවයි.

හිටපු සෑම ජනාධිපතිවරයකුට හිමි කිසිවක් අහිමි නෑ සියලු පහසුකම් ලබා දිය යුතුය. - රජයෙන් නිවේදනයක්.

හිටපු සෑම ජනාධිපතිවරයකුට හිමි කිසිවක් අහිමි නෑ සියලු පහසුකම් ලබා දිය යුතුය. - රජයෙන් නිවේදනයක්.