ශිෂ්‍යත්ව විභාගය... අනිවාර්යෙන් බලන්න...

Sri Lanka Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination schools Sinhala news
By Akash Apr 08, 2025 06:38 AM GMT
Akash

Akash

Report

ඔබ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානම් වන දරුවෙක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ දෙවන ඉරිදා දවස.

ඉතින් සෑම අවුරුද්දකම අගෝස්තු මස දෙවන ඉරිදා දින තමයි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු කරන්නේ.

පසුගිය කාලවල රටේ තිබුණු ආර්ථික අපහසුතාවය වගේම කොරෝනා කොවිඩ් 19 ඔබගේ ප්‍රශ්නවලදී දින වකවානු යම් යම් දවස්වලට වෙනස් වුණා.

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද මැති සබයට

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද මැති සබයට

ඉතින් 2025 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්න මේ වෙනකොට සූදානම් වන දුවා දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා රටේ.

ඇත්තටම මේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ මොකක්ද? ශිෂ්‍යත්ව විභාගය තුළින් අපට තිබෙන ප්‍රතිලාභ මොනවාද කියන කාරණාව ගැන අපි අවධානය යොමු කළොත්, මේ විභාගය මේ වන විට ජනප්‍රිය පාසල්වල පැවැත්වෙනවා.

ඉතින් මේ විභාගය හඳුන්වලා දුන්නේ සාමාන්‍ය පාසලක, ගමේ පාසලක ඉගෙන ගන්න ළමයෙකුට නගරයේ පාසලකට යාමට තමයි. දැන්, දැන් මේ විභාගය විදුහල්පතිවරුන්ගේ විභාගය බවටත් පත්වෙලා තියෙනවා.

ඒ වගේම පාසල් වල ගුරුවරුන්ගේ විභාගය රටේ නම් හැමෝම කියන්නේ මේ දෙමව්පියන්ගේ විභාගය කියලා.

ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවාව පාස් කරගන්නට දරුවන්ට වඩා උවමනාව තියෙන්නේ දෙමව්පියන්ට. ඒ වගේම ගුරුවරුන්ට සහ පාසල් විදුහල්පතිවරුන්ට.

ඊට හේතුව තමයි ඔවුන්ගේ පාසල ඔවුන්ට ජනප්‍රිය කර ගැනීමේ උවමනාව.

ජනපතිගෙන් මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවයට සංවේදී සටහනක්

ජනපතිගෙන් මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවයට සංවේදී සටහනක්

මේ විභාගය පැවැත්වීම ආරම්භ කිරීමට පාදක වූ කාරණා පිළිබඳව දැන් අවධානය යොමු වෙනවද කියන කාරණාව.

මෙහිදී මුලින්ම පාසලක් ලබා ගැනීම, ඉන් අනතුරුව අඩු ආදායම්ලාභී දරුවන්ට ඉදිරියේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ආධාර ලබා දීම මුලික අරමුණ වුනා. ඒ විභාගය ආරම්භ කරපු අරමුණ පැත්තකට තියලා දැන් දෙමව්පියන් ඒ වගේම ගුරුවරුන් ඒ වගේම විදුහල්පතිවරුන් කරන්නෙම ළමයිව ගොඩක් වෙහෙස මහන්සේ කරලා උගන්නන එක විතරමයි. ඉතින් දරුවන් බොහෝ වෙලාවට විඩාවට පත් වෙනවා. වෙහෙස මහන්සියට පත් වනවා.

සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්න දරුවෙක්ගෙන් අපි ඇහුවොත් එම දරුවන් ගොඩක් වෙලාවට කලකිරිලා, මහන්සි වෙලා, විවේකයක් නොමැතිව, නින්දක් නැතුව ඉන්නවා. ලොකු බරක් දරුවන්ගේ ඔළුවට දාගන්නේ නැතුව දරුවන් සැහැල්ලුවට ඉන්න එක ඇත්තටම හොදයි.

ඉතින් මමත් ඔබට මේ ලබාදෙන උපදෙස වන්නේ මුලින්ම දරුවන්ව සැහැල්ලුවෙන් තියන්න. ඔබ සාමාන්‍යයෙන් සෙල්ලම් කරන්න එතකොට යාළුවන් ආශ්‍රය කරන්න සහ ඔබ යාළුවන් සමග තොරතුරු හුවමාරු කරගන්න.

ඉතින් එහෙම සැහැල්ලුවෙන් ඉඳලා විභාගයට පෙනී ඉන්නවා නම් ඉහලින් සමත් වීමට හැකියාව තියෙනවා. ගොඩක් දුරට ඔබ සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අවදානය යොමු කරන්න.

සාමාන්‍ය දැනීම සමාජයේ එඩින් එදා කටයුතු ඒ පිළිබඳව ඔබ හොඳ දැනුමත් තියාගෙන හිටියොත් ඔබට ඉතාමත් පහසුවෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීම පහසු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ වැඩි වැඩියෙන් පෙර හුරු ප්‍රශ්න පත්‍රවලට ගෙදර දී, පන්තියේ දී මුහුණ දෙන්න.

පාලන මිලෙන් ගිලිහුණු බිත්තරේ! මෙන්න අලුත් මිල

පාලන මිලෙන් ගිලිහුණු බිත්තරේ! මෙන්න අලුත් මිල

පාසලේ දී හෝ නිවසේ ඔබ නිදහස්ව ඉන්න වෙලාවල් වල පෙරහුරු ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලබා දීලා ඒ පිළිබඳව සසඳා බලන්න. උත්තර හොයාගෙන ඒ පිළිබඳව ඔයා ලියපු උත්තරය හරිද වැරදිද කියා සෝදිසි කරන්න.

පුළුවන් තරම් පොත් කියවන්න. උදෙන්ම අවදිවෙලා පොත් පාඩම් කරන්න. ගොඩාක් රෑ වෙනකන් ඇහැරිලා පොත පාඩම් කරන්න ඕනි නැහැ. එහෙම උනොත් ඔබට සුව නින්දක් ලැබෙන්නේ නැතිවෙයි.

ඉතින් උදෙන්ම අවදිවෙන්නත් ඕන නිසා රෑට කලින් නිදාගෙන උදෙන්ම නැගිටලා පොඩිවෙලාවක් පොත පාඩම් කරන්න. පෙරහුරු ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලබා දෙනකොට එහි දක්වා තිබෙන උපදෙස් අනුගමනය කරන්න.

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

පෙරහුරු ප්‍රශ්න පත්‍රවල ලබා දී තිබෙන උපදෙස් වලට අනුව ඔබ කටයුතු කරනවනම් විභාගයේදීත් ඔබට ඉතාමත් පහසුවෙන් පිළිතුරු ලියන්නට හැකියාව ලැබූ ඇති.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවා දරුවන්ට පුංචි උපදෙස් මාලාවක් තමයි මේ ලබා දුන්නේ. ඉතින් විභාගය පැවැත්වෙන්න තව ගොඩක් කල් තියෙන නිසා ඉදිරියේදිත් මං මේ විදිහට ඔබට පොඩි උපදෙස් ටිකක් දෙන්නම්.    

ReeCha