ආපදා අනතුරු ඇඟවීම් නොකළේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Report

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් මහනුවර පදිංචි නීතිඥයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරු වන්නේ නීතිඥ කේ.එම්. කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා වන අතර, එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු 37 දෙනෙකු නම් කර ඇත.

මෙම පෙත්සම මගින් ආපදා අවම කිරීම සඳහා රජයේ ආයතනවල අකුරටම රාජකාරි ඉටු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

 

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට

හිටපු ඇමති ඩග්ලස් රෝහල් ගත කරයි

හිටපු ඇමති ඩග්ලස් රෝහල් ගත කරයි