ඔබගේ ගිණුම් වලින් රජය මුදල් කපාගන්න විදිහ දැනගෙන හිටියද? - අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ හැටි.

Parliament of Sri Lanka Government Of Sri Lanka Ministry of Finance Sri Lanka Sri Lanka Banks
By Wayomi Jun 07, 2024 02:04 PM GMT
Wayomi

Wayomi

Report

වැඩිහිටියන්ගේ ගිණුම් වලින් පමණක් නොව ළමයින්ගේ ඉතිරි කිරීමේ ගිණුම් වලින් පවා රජය 5%ක් කපා ගැනීමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවේදී අද(7) ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ. ලක්ෂයට අඩු ආදායම් ලබන අඩු ආදායම්ලාභීන්ගෙන් බදු අය කිරීම නැවැත්විය යුතු බවයි.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.


මන්ත්‍රීවරයා මේ කරුණු අවධාරණය කර සිටියේ, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී.

අජිත් මාන්නප්පෙරුම වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න


"සාමාන්‍යයෙන් ලක්ෂයට වැඩි ආදායමක් උපයන අයගෙන් තමයි බද්දක් අය කළේ. දැන් ඒ නීතිය රජයෙන්ම කඩලා. ලක්ෂයක ආදායමක් නැති ඉතිරි කිරීම්වලින් සියයට පහක් අය කිරීම නීති විරෝධීයි. වැඩිහිටියන් වෙනුවෙන් යහපාලන කාලේ ලොකු පොලියක් දුන්නා. සියයට පහළොවක්. අපි මේ පොලී ගැටලුව ගැන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. ලබන අවුරුද්දේ වැඩි කරන්නම් කියලා කිව්වා.ආර්ථික තත්වය අනුව පියවරෙන් පියවර හරි පොලිය වැඩිය කරන්න. මේක ලොකු ප්‍රශ්නයක්. වැඩිහිටියන්ගේ මේ ප්‍රශ්නය සොයා බලන්න කියලා රජයෙන් ඉල්ලනවා.

අනීතිකව කපපු සියයට පහ ආපහු දෙනවා කියල මුදල් රාජ්‍ය ඇමති කිව්වා. ඒත් තවම ගෙවලා නෑ. ඒකට පස්ස ගහනවා. ජනතාව වැඩිහිටියන් විදින පීඩාව ගැන හිතලා අනීතිකව අය කරපු සියයට පහ මාසයක් ඇතුළත ගෙවන්න කියලා මම ඉල්ලනවා."

රනිල්ට ශ්‍රීලනිප සහය ? - දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රීලනිපයේ වැඩ බලන මහලේකම් කළ හෙළිදරව්ව.

රනිල්ට ශ්‍රීලනිප සහය ? - දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රීලනිපයේ වැඩ බලන මහලේකම් කළ හෙළිදරව්ව.