ණය සහනදායක මණ්ඩලේ සාමාජිකයන්ට අලුත් පත්වීම් [PHOTOS]
අධිකරණ අමාත්‍යාංශය යටතේ තිබෙන ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලය සහ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වුණා.
මෙහිදී කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල යන ණය සහනදායක මණ්ඩලයන් වෙනුවෙන් සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කර ඇත. අඳාළ මණ්ඩලය අමාත්‍යවරයා පත් කරනු ලබන අතර ඉන් එක් සමාජිකයෙකු මණ්ඩලයේ සභාපති වශයෙන් පත්කරයි.
එසේම මෙහි රාජකාරී කටයුතු සාමාන්‍ය අධිකරණයක පවත්නා ස්වරූපයට වඩා වෙනස් වන අතර මණ්ඩලය ඉදිරියේදි ලබන ගිවිසුම් පාර්ශවකරුවන් ඔවුනොවුන් කැමැත්තෙන් එළඹෙන ගිවිසුම් වේ.
මෙම මණ්ඩලයට අසාධාරණ පොලී ප්‍රමාණයන් අඩු කිරිමටද මණ්ඩලය ඉදිරිපත් කරනු ලබන සාධාරණ යෝජනා ණය හිමියන් පිළිනොගන්නේ නම් ඒ පිළිබඳව ආඥාපනත යටතේ ණයකරුවන්ට සහතිකයක් නිකුත් කිරීමටද බලතල තිබෙනවා.
එමෙන්ම ණයහිමි පාර්ශවය අවසාන විභාගයට නිකුත් කළ නොතීසිය පරිදි විභාගයට නොපැමිණියහොත් ඒක පාක්ෂික නඩු විභාගයකින් පසුව ණයකරු වෙත සහතිකයක් නිකුත් කිරීම මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කරයි.
මෙහිදී පත්වීම් ලැබූ නිලධාරී මණ්ඩලය පහතින්,
ප්‍රධාන මණ්ඩලය
1. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු තිබ්බොටුවාව ගමගේ සුමිත් අරුණ පෙරේරා මහතා (සභාපති)
2. විශ්‍රාමික කම්කරු විනිශ්චය සභා සභාපති/ අතිරේක මහේස්ත්‍රාත් කුසුම් සෙනරත් පතිරණ මිය
3. නීතිඥ ඩබ්.පී. සිත්තම්පලම් මහතා
4. නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා
5. කම්කරු විනිශ්චය සභා සභාපති/අතිරේක මහේස්ත්‍රාත් වල්පොළගේ නිල්මිණී ප්‍රියදර්ශනී හේරත් මිය
6. හපුතන්ත්‍රිගේ උපවන්ස කාරියවසම් මහතා
7. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් ලෙස කටයුතු කරන ලද සෝමසිරි පල්ලත්තරගේ මහතා
කොළඹ ශාඛා මණ්ඩලය
1. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්. ඩබ් ප්‍රදීප් ජයතිලක මහතා (සභාපති)
2. නීතිඥ ඉන්ද්‍රා බදුගේ මිය
3. නීතිඥ නිශානි ප්‍රසාදිකා කලහේ ලොකුගේ මිය
ගම්පහ ශාඛා මණ්ඩලය
1. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු නිශාන්ත ශාන්තිලාල් හපුආරච්චි මහතා (සභාපති)
2. නීතිඥ ඩී.ඒ.රුවන් පතිරණ මහතා
3. විශ්‍රාමික මහේස්ත්‍රාත් / දිසා විනිසුරු චන්ද්‍රකාන්ති විජිතා සෙනෙවිරත්න මිය
කුරුණෑගල ශාඛා මණ්ඩලය

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ
1. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ආර්.එම්.පී.එස්.කේ.රත්නායක මහතා (සභාපති)
2. විශ්‍රාමික පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්.තිලකරත්න මහතා
3. නීතිඥ සෝමසිරිගේ ධර්මවිජය සෙනවිරත්න මහතා
ගාල්ල ශාඛා මණ්ඩලය
1. නීතිඥ දිලිනි දයාරත්න මිය (සභාපති)
2. නීතිඥ කේ.පී.ඩී.ගුණරත්ත මහතා
3. නීතිඥ ජානි නානායක්කාර මිය

රනිල් වගේම තමයි ඇයි ඔයත් ජර්මනි ට්‍රිප් ගියේ, අම්මව බලන්න හොස්පිටල් ගාණේ ගියේ ඒවත් වැරදි තමයි - ගම්මන්පිලගෙන් සද්දයක්


