දෙයියනේ කන්න නැතුව 281 ක් මැරිලා, 114ක්ම පොඩි පැටව් මේවා යුද අපරාධ
By Kaushi
ඊශ්‍රායලයෙන් ගාසා තීරය ආක්‍රමණය කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති පසුබිමක එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශයන් හි සාගත තත්ත්වයක් ඇතිව ඇති බව නිල ලෙස තහවුරු කළා.
ඒ අනුව මේවන විට ගාසා තීරයේ පැතිරයන සාගත තත්ත්වය පුද්ගලයින් 641,000කට ව්‍යසනකාරී ආකාරයෙන් බලපා ඇත.
එසේම දරුවන් 132,000කට ආසන්න පිරිසක් මියයෑමේ අවදානමකට ලක්ව ඇති බව පවසයි. මේ වන විටත් ගතවු පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙකු සාගතයෙන් මියගොස් ඇත.
එමෙන්ම ඒ සමඟ සාගතයෙන් මියගිය සංඛ්‍යාව 281 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට දරුවන් 114 දෙනෙකු අයත් බව වාර්තා වේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා හි සාගතයෙන් සිදුවන මරණ යුද අපරාධයකට සමාන බව පවසයි.
