"ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ රාජ්‍ය දේපොළ මිනිසුන් උදෙසා යෙදවීමයි"

Report

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

ජනාධිපති අරමුදලෙන් මෙම ඇගැයුම් ලබාදෙයි.

මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂ වලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි

ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි

මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි. මෙහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම රජයක වගකීම බවත්, ජනාධිපති අරමුදල මේ වන විට එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් සිටින බවත්ය.

එමෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගත් අනාගත පරපුරක් රටට අවශ්‍ය බවත්, වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බිහි කිරීමට අපේක්ෂා කරන්නේ එවන් පරපුරක් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.  

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

රනිල්ට සෞඛ්‍ය අවධානයක් - පැය 24 නිරීක්ෂණ යටතේ

ඔන්න එහෙනම් බලා ගෙන හිටපු රිසාල්ට් එක එන්න තව පොඩි වෙලාවයි

ඔන්න එහෙනම් බලා ගෙන හිටපු රිසාල්ට් එක එන්න තව පොඩි වෙලාවයි