කොළඹ ෆිල්ම් හෝල් 3ක් වටලයි - වැඩි මිලට ආහාර විකුණුම හෙළිවේ
සලකුණු කළ මිලට වඩා ඉහළ මිලකට නිෂ්පාදන අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි මත, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ (23) කොළඹ සිනමා ශාලා තුනකට වැටලීම් සිදුකර ඇත.
උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි නොකරන ලෙස සියලුම වෙළෙඳුන්ට උපදෙස් ලබාදී ඇති බව අධිකාරිය ප්‍රකාශ කළේය.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින අතර, කාර්යාල වේලාවන් තුළ 1977 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස ඔවුන්ට දැනුම් දී ඇත.