ආරවුලක් මුල්කරගෙන බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට [UPDATE]

Crime Death Gun Shooting Latest Headlines Sinhala news
By Shehan Aug 24, 2025 01:42 AM GMT
Shehan

Shehan

Report

බොරලැස්ගමුව, මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය පැවසුවේ, අද අලුයම 12:30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි ගිහාන් දුලාන් පෙරේරා නම් තරුණයෙකි.

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

බොරලැස්ගමුවේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමෙන් පසු මියගිය තරුණයා ඇතුළු 9 දෙනෙකු පා ගමනින් යමින් සිටියදී, ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ වන විට සිදුකළ විමර්ශනවලදී, දෙපාර්ශ්වයම යම් සංවිධානාත්මක කල්ලිවලට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකි - නලින්ද

සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකි - නලින්ද

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි