සාමයට එළැඹෙන්නැයි ට්‍රම්ප්ගේ රුසියාවට අවසන් සන්ධිය - නැත්නම් සම්බාධක

Report

සති දෙකක කාලයකින් පසුව යුක්‍රේන - රුසියා යුද්ධය සම්බන්ධයෙන් සාමකාමී විසඳුමක් ලබාගැනීමට නොහැකි වුවහොත් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර පසුගිය දිනවල ඇලස්කාවේදී රුසියානු-යුක්‍රේන යුද්ධය සඳහා සාමකාමී මාවතක් සෙවීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වුණත්, එම සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකි - නලින්ද

සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකි - නලින්ද

සාකච්ඡාවෙන් පසු මාධ්‍යවලට අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා පැවසුවේ, සාකච්ඡාවන්හි අවසානික එකඟතාවක් නොලැබුණද, ඒවා ඵලදායීව සහ ප්‍රබලව සිදුවූ බවයි.

එම සාකච්ඡාවලින් පසුව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි අතර හමුවක්ද සිදුවූ අතර, එහිදීද යුක්‍රේන-රුසියා යුද්ධයේ සාමකාමී විසඳුමක් ගැන දැඩි සාකච්ඡා කර තිබේ.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවල මැදදී පසුගිය දිනක යුක්‍රේනයේ පිහිටි කර්මාන්ත ශාලාවකට රුසියානු ප්‍රහාරයක් එල්ල වූ අතර, එය ඇමරිකානු කර්මාන්ත ශාලාවක් බව වාර්තා වේ.

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා පැවසුවේ, එය දැඩිව හෙළා දකින බවයි.

ඒ අනුව, සාමකාමී මාවතකට රුසියාව එළඹෙන්නේ නැතිනම් රුසියාවට සම්බාධක පනවන බව ඔහු  ප්‍රකාශ කළේය.  ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා පැවසුවේ, සිදුකිරීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් තීරණයක් ගන්නා බවත්, එය දැඩි සම්බාධක පැනවීමක්, දැඩි තීරුබදු හෝ දෙකම විය හැකි බවත්ය.

අලුත් බඳවා ගැනීමක් ගැන රජයෙන් දැනුම් දෙයි, අනිද්දට කළින් ඔන්ලයින් ඇප්ලයි කරන්නලු

අලුත් බඳවා ගැනීමක් ගැන රජයෙන් දැනුම් දෙයි, අනිද්දට කළින් ඔන්ලයින් ඇප්ලයි කරන්නලු