රනිල්ට ශ්‍රීලනිප සහය ? - දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රීලනිපයේ වැඩ බලන මහලේකම් කළ හෙළිදරව්ව.

SLFP Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Presidential Election 2024
By Wayomi Jun 07, 2024 04:12 AM GMT
Wayomi

Wayomi

Report

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කළා.

ඒ, ඊයේ (06) කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජුනි 5 ඉදන් සම්මුඛ පරීක්ෂණ. - ජපානේ රැකියාවක් හොයන ඔබට මෙන්න සුපිරි චාන්ස් එකක්. - වැඩි විස්තර පහතින්.

ජුනි 5 ඉදන් සම්මුඛ පරීක්ෂණ. - ජපානේ රැකියාවක් හොයන ඔබට මෙන්න සුපිරි චාන්ස් එකක්. - වැඩි විස්තර පහතින්.


කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවමත් අවසාන තීරණයකට පැමිණ නොමැති බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බවත්, මේ වන විට නොයෙකුත් සන්ධාන බිහිවෙමින් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන ඇති බවත්, විශාලම සන්ධාන බිහිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ ඉතිහාසයක් ඇති හෙයින් එය අලුත් දෙයක් නොවන බවත්ය.

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇති අතර එහි වැඩ බලන සභාපති වැඩ බලන ලේකම් සඳහා මේ වන විට අධිකරණය මගින් දිගින් දිගටම වාරණ නියෝගය පනවා ඇති බවත්,

පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන ඇති බවත් ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.   

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න