ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි

Ranil Wickremesinghe Ruwan Wijewardene Latest Headlines Current Political Scenario Colombo politics heat up
By Shehan Aug 23, 2025 04:27 PM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආහාර පාන නොමැතිව අසරණව සිටි රටකට ජීවය ලබාදුන් නායකයෙකු ලෙස කිසිදු අවස්ථාවක අමතක නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට විදෙස් ගමන් තහනමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට විදෙස් ගමන් තහනමක්

එම අවස්ථාවට එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු නායකයන් රැසක් සහභාගී වූහ.

“අද මේ රට පාලනය වන්නේ ක්‍රෝධය, වෛරය සහ තණ්හාව මතද යන ප්‍රශ්නය අපට ඇසීමට සිදුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ යනු ජනතාවට ආහාර පාන නොමැතිවූ මොහොතක රටට ජීවය ලබාදුන් නායකයායි. කිසිවෙකු රටේ අභියෝග භාර නොගත් විට ඔහු නිර්භයව ඉදිරිපත් වී ජනතාව ජීවත් කළා” 

ඉන්න ජනාධිපතිවරයා තඹුත්තේගම යනකොට එයාගේ මේ වාහන ගෙදර තියලා බස් එකේ ද දන් නෑ යන්නේ, ආණ්ඩුවට රනිල් ෆෝබියාවක් හැදිලා තියෙන්නේ පලු අරින තලතා

ඉන්න ජනාධිපතිවරයා තඹුත්තේගම යනකොට එයාගේ මේ වාහන ගෙදර තියලා බස් එකේ ද දන් නෑ යන්නේ, ආණ්ඩුවට රනිල් ෆෝබියාවක් හැදිලා තියෙන්නේ පලු අරින තලතා

“එවැනි පුද්ගලයෙකුට මෙවැනි ඉරණමක් අත්වීම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා”

 අධිකරණයට ගරු කළද, ඇතැම් යූ ටියුබ් චරිත විසින් අධිකරණ තීන්දු කලින් ප්‍රකාශ කිරීම බරපතළ ගැටලුවක් බවත්, සියල්ල දේශපාලනීකරණය වී ඇතිනම් එය බරපතළ තත්ත්වයක් බවත් විජයවර්ධන මහතා අවධාරණය කළේය.

“එදා අරගලකරුවන් පැවසුවේ පද්ධති වෙනසක් (සිස්ටම් චේන්ජ්) අවශ්‍ය බවයි. ඔවුන් බලාපොරොත්තු වූයේ මෙවැනි පද්ධති වෙනසක්ද? මෙසේ ගියහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන්නේ කුමක්ද?” යැයි ඔහු ප්‍රශ්න කළේය.

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි