මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න

Ministry of Education A D Susil Premajayantha Education
By Wayomi Jun 06, 2024 12:22 PM GMT
Wayomi

Wayomi

Report

නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 දී ප්‍රථම උපාධියත් අවුරුදු 23 දී පශ්චාත් උපාධියත් අවුරුදු 27 දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්‍රවේශ වූයේ විභාග කල් පසු වෙමින් පැවතීම නිසා අධ්‍යයන කටයුතු අතපසු වෙමින් යාමේ ගැටලුවලට මුහුණ දෙන වින්දිතයන් බවට පත් ව ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් බවයි.

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්. - සේවාවන් කිහිපයක් ගැන ගත් තීරණය මෙන්න.

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්. - සේවාවන් කිහිපයක් ගැන ගත් තීරණය මෙන්න.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ අද පැවති වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.

මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පිරිස පෞද්ගලික අයදුම්කරුවන් ද සමග තුන්ලක්ෂ තිස්හත්දහක පමණ දරුවන් සංඛ්‍යාවක් බවත් ඉන් දෙලක්ෂ අසූදහසක පමණ පිරිසක් පාසල් සිසුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට සාමාන්‍යයෙන් මාස තුනහමාරක පමණ කාලයක් ගත වන නිසා එතෙක් පාසල් නොපැමිණ සිටීමට දරුවන්ට සිදු වන අතර දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා තවදුරටත් තහවුරු වන පරිදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි වහා ම උසස් පෙළ විෂය ධාරාවල පන්ති ඔවුන් වෙනුවෙන් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙවර පියවර ගත් බවත් එය පසුගිය කොවිඩ් සමයේ අතපසු වී පැවති විභාග කාල සටහන හා පාසල් වාර සටහන් යථාවත් කිරීමට ද සෘජු ව ම අදාළ පියවරක් වන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය. එම පියවර ගැනීමේ දී අධ්‍යාපනඥයන් ඇතුළු විවිධ විද්වතුන්ගේ ද අදහස් සමා‍ලෝචනයට බඳුන් කළ බවත් හෙතෙම පැවසී ය.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.


මෙම ක්‍රියාමාර්ගය නිසා දරුවන් නිවසේ රැඳී සිටිමින් නිකරුණේ කාලය ගත කිරීමට සිදු වීමේ අවකාශ ඇහිරෙන බව කී අමාත්‍යවරයා කලා, වාණිජ, විද්‍යා සහ තාක්ෂණ විෂය ධාරා ය‍ටතේ උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කළ බවත් එය සිදු කරනු ලබන්නේ ගුරු මාර්ගෝපදේශ හා සිසු කැමැත්ත මත බවත් සඳහන් කළේ ය. ප්‍රතිඵල නිකුත් වූ විට සියයට පහක-දහයක පමණ ප්‍රතිශතයකින් මෙම උසස් පෙළ අධ්‍යයන කටයුතුවල නිරත දරුවන්ගේ සංඛ්‍යාව වෙනස් විය හැකි බව ද එම වෙනස් වීම වෙනත් වර්ෂවලත් සිදු වන බව ද කී අමාත්‍යවරයා එක වර උසස් පෙළ අධ්‍යයන කණ්ඩායම් දෙකක් පාසල තුළ සිටීම නිසා ඉඩකඩ වැනි භෞතිකමය ගැටලු මාස තුනක පමණ යම් සීමිත කාලයකට මතු විය හැකි බව ද සඳහන් කළේ ය.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල යළි පහලට. - වැඩි විස්තර මෙන්න.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල යළි පහලට. - වැඩි විස්තර මෙන්න.


සමහර ප්‍රදේශවල උසස් පෙළ හදාරන දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම අවම වීම මත මේ තත්වයේ යම් යම් වෙනස්කම් සිදු විය හැකි බවත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් එම ගැටලු මනා ව හඳුනන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය. ගුරුවරුන්ගේ විෂය කාලසටහන් ගැටලු ද මෙහි දී මතු විය හැකි නමුත් මේ සියල්ල සිසුන්ගේ ගැටලු බවට පත් නොකර පරිපාලනය විසින් ඒවා යථා පරිදි කළමනාකරණය කිරීමට නායකත්වය දිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

වර්තමාන ලෝකය රාජ්‍ය පරිපාලන අවධිය පසු කර කළමනාකරණ යුගය ද ඉක්මවා නායකත්ව යුගයකට පිවිස සිටින අවස්ථාවක අප අධ්‍යාපන ක්‍රමයේ ද වෙනසක් අත්‍යවශ්‍ය බව පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා දැනුමින් පිරි වත්මන් සමාජයේ අත්‍යවශ්‍ය දැනුම තෝරා බේරාගෙන ප්‍රායෝගික භාවිතයට ගැනීම පිළිබඳ ගැටලුවක් පවතින බවත් වෙනත් දියුණු රටවල අධ්‍යාපන මට්ටම්වලට ද උචිත පරිදි ඉදිරියේ දී ස්ටෙම් – ස්‍ටීම් අධ්‍යාපන ක්‍රමවේද භාවිතය අපේ පාසල් පද්ධතියට යොදා ගන්නා බවත් පැවසී ය. ඒ අනුව ඉදිරි ජූලි මාසය අවසන් වන විට සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන අතර ප්‍රමුඛපාසල් 1500ක් පමණ ජාලගත කිරීමත් මේ වන විට ආරම්භ කර ඇති කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි වන විට පාසල්වලට මුදා හැරීමත් සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔන්න ගොඩක් අය මඟ බලන් හිටිය ගුරු පත්වීම් ලැබෙන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

ඔන්න ගොඩක් අය මඟ බලන් හිටිය ගුරු පත්වීම් ලැබෙන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.


එසේ ම ඊට අවශ්‍ය ‘ස්මාට් බෝඩ්’ භාවිතය, අන්තර්ජාල ආදී දැනුම් මූලාශ්‍ර භාවිතයෙන් දැනුම යාවත්කාලීන කරගැනීමේ පරිචයක් ලැබෙන පරිදි අවශ්‍ය ගුරු පුහුණුවීම් ලබා දිය යුතු ව ඇති බවත් ඒ අතර ගුරුවරුන්ගේ ලෙඩ නිවාඩු ගැනීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ද මුහුණ දීම වශයෙන් උද්ගත වන අභියෝග ජයගත යුතු ව ඇත්තේ ලෙඩ නිවාඩු දැමිය නොහැකි දරුවන්ගේ අයිතිවාසිකම් රැක දීම වෙනුවෙන් බවත් පැවසී ය.

අවසන් වශයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සියල්ල සිදු කරන්නේ දරුවන්ගේ අපතේ යන කාලය බේරා දෙමින් නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 වන විට ප්‍රථම උපාධියත් පශ්චාත් උපාධි වයස 23නුත් ආචාර්ය උපාධියක් වයස 27 වන විටත් සම්පූර්ණ කළ හැකි වන පරිදි අධ්‍යාපනය ලැබීමේ අයිතිය දරුවන්ට තහවුරු කර දීමේ පදනම සැකසීමේ අරමුණ පෙරදැරි ව බවයි. එම වගකීම ඉටු කිරීමට සහාය වන සැමට කෘතවේදී වන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.