මහවැලියට තරුණයෙක් බිලි වෙයි
Accident
Death
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
පොල්ගොල්ල මහවැලි වේල්ලට ආසන්නයේ උඩඟුන්නෑපාන ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් තරුණයෙකු අද (23) දින ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනතුර සිදුව ඇත්තේ අදාළ තරුණයා මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඇති විටයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි සංදීප කුමාර නැමැති තරුණයෙක් බව වාර්තා වේ.
අනතුරෙන් පසුව මේ බව මහවැලි අධිකාරිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව පොල්ගොල්ල වේල්ල දොරටු වසා පහළ කොටසේ ජලය අඩු කිරීමෙන් පසුව මියගිය තරුණයාගේ මළ සිරුර දියේ තිබී සොයාගෙන ඇති බව සඳහන්.
