ඔබේ පදේට මුදල් නටවන system එක (VIDEO)
අපි හැමදාම වැඩ කරනවා.මාසේ අන්තිමට salary එකත් ලැබෙනවා.ඒත් ටික දවසක් යනකොට අපේ අතේ සල්ලි නැහැ.මේකට එක හේතුවක් කියලා නැහැ .සල්ලි නැති වෙන්න එක එක අයට විවිධ හේතු ඇති වෙන්න පුළුවන්. සමහර අය Loan ගෙවනවා ,නැත්නම් ගෙදර අයට යවනවා , ගෙදර අය නඩත්තු කරනවා එහෙමත් නැත්නම් තමන්ගේම අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරනවා වෙන්නත් පුළුවන්. ඔය ඔක්කොම කරලා ඉවර වෙනකොට සල්ලි සේරම ඉවර වෙලා.
කිසිම ඉතුරුවක් වෙලත් නැහැ . ඒ කොහොම හරි අපි හැමෝටම ඕනේ කියක් හරි ඉතුරු කරගන්න.ඉතින් මම ඔයාට කියන්නම් ඉතා සරල, ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන් මුදල් පාලන ක්‍රමයක් ගැන. මේකෙදි කරන්න තියෙන්නේ ඔයාගේ සියළුම ඉපයීම් කොටස් 06කට බෙදලා බැංකු ගිණුමක් හරි එහෙමත් නැත්නම් බඳුන් 06ක හරි ආරක්ෂිතව වෙන් කරලා ප්‍රයෝජනයට ගන්න එක.
පළවෙනි බදුන– මූල්‍යමය නිදහසේ ගිණුම
ඔයාගේ සියලුම ඉපයීමෙන් 10% ක් මෙම බඳුනට දාන්න ඕනේ.ඒ මුදල් භාවිතා කල යුත්තේ ආයෝජනයට විතරයි.
දෙවෙනි බදුන – වියදම් කිරීම සදහා දිගුකාලීන ඉතිරි කිරීම
මෙයටත් ඔබගේ ඉපයීමෙන් 10%ක් යොදවන්න.මෙම මුදල් මඟින් වාහනයක් ගන්න , නිවසට හෝ විදුලි උපකරණ වගේ දේවල් මිලදී ගන්න වියදම් කරන්න පුළුවන්. ඒ වගේම ණය ගෙවන්න තියෙනවා නම් මේ බදුනෙන්ම ගන්න අමතක කරන්න එපා .
තුන් වන බදුන – අධ්‍යාපනය සදහා
පොහොසත් මිනිසුන් නිතරම යමක් ඉගෙන ගැනීමට උත්සහ කරනවා.හැබැයි දුප්පතුන් ඉගෙනීමට කිසිදු උත්සහයක් කරන්නේ නැති නිසා එයාලා හැමදාමත් දුප්පත්ව ජීවත් වෙනවා.ඒ නිසා මොනවා හරි දෙයක් ගැන ඉගෙනගන්න.ඒ වෙනුවෙන් ඉතිරි කරන්න පුරුදු වෙන්න.
හතරවන බදුන – එදිනෙදා අවශ්‍යතා සදහා
හතරවෙනි බදුනට ඔයා උපයන මුදල් වලින් 55%ක් යොදවන්න.මේ මුදල් ඔයාගේ එදිනෙදා කරන වියදම් වලට භාවිතා කරන්න. හැබැයි මේ මුදල් ප්‍රමාණවත් නැත්නම් කරන්න දෙයකුත් තියෙනවා. 01) අමතර වියදම් කපාහැර වියදම අඩු කර ගන්න උත්සහ කරන්න. 02) මුදල් ඉපයීම වැඩිකරගෙන ඊට අමතරව තවත් අමතර අදායම් මාර්ගයක් සොයා ගන්න.
පස්වන බදුන – විනෝදය සදහා
ගොඩක් අය වැඩියෙන්ම වියදම් කරන්නේ මෙන්න මේකට.හැබැයි මේකට තමයි අපි අඩුවෙන්ම වියදම් කරන්න ඕනේ.ඒ නිසා මේ බදුනට 10% ක් යොදවන්න. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා .ධනවතෙක් වුණාට මදි ඉදලා හිටලා හරි ධනවතෙක් විදිහට වියදම් කරන්න ඕනේ.ඒ නිසා හැමදාම එහෙම කරන්නේ නැතුව මාස කිහිපයකට සැරයක් හරි වැදගත් දෙයකට වියදම් කළාට කමක් නැහැ
හය වෙනි බදුන – දන් දීම සදහා
මේ බඳුනට ඔයාගේ අදායමෙන් 5%ක් වෙන් කරන්න. මෙම මුදල ඕනෑම දානමය පිංකමකට යොදවන්න.ඒක ඔයාගේ පොහොසත් වීමේ ආශාවේ එක් ඉලක්කයක් කර ගන්න. ඉතින් මේ විදියට තමයි ඔබේ පදේට මුදල් නටවන්නේ .මුලදි නම් මේ දේවල් ටිකක් අමාරු වෙයි .හැබැයි අමාරුවෙන් හරි ඉවසීමෙන් කරගෙන ගියොත් ඔයාට මුඅදල් අතින් ලොකු වෙනසක් දකින න පුළුවන් වෙයි .ඔයා අනිවාර්යෙන්ම මතක තියගන්න ඕනේ දෙයක් තමයි ධනවතෙක් වෙන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |