හෝමුස් අර්බුදය හමුවේ ආසියානු රටවලට ලබාදෙන තෙල් සැපයුම සීමා කරයි

Report

ලොව විශාලතම බොරතෙල් අපනයනකරු වන සෞදි ඇරම්කෝ  සමාගම අප්‍රේල් මාසය සඳහාද ආසියානු ගැනුම්කරුවන්ට බොරතෙල් සැපයුම් ප්‍රමාණය කප්පාදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙය අඛණ්ඩව දෙවන මාසය බවත්, එක්සත් ජනපදය-ඊශ්‍රායල-ඉරාන ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළඳාම්වලට බරපතල බාධා ඇති වීම නිසා ඇති වූ තත්ත්වයක් බවත් සමාගම පැවසීය.

සමාගම ආසියානු ගැනුම්කරුවන්ට දන්වා ඇත්තේ, අප්‍රේල් මස බොරතෙල් ලෝඩිං සඳහා ඉල්ලූ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලබාදෙන බවයි. එසේම, බොහෝ කාර්ගෝ යන්බු රතු මුහුදු වරායෙන් පමණක් (ප්‍රධාන වශයෙන් අරබ් ලයිට් ක්‍රූඩ් තෙල්) ලබාගැනීමට සීමා කර ඇති අතර, පර්සියානු බොක්කෙන් රස් තනුරා  වරායෙන් සිදුවන සාමාන්‍ය ලෝඩිං සීමිත බවත් වාර්තා වේ.

ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

මෙම සැපයුම් අඩුවීම හේතුවෙන් ආසියානු තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවලට ලැබෙන බොරතෙල් ප්‍රමාණය සීමා වීමත්, එමඟින් පෙට්‍රල්, ඩීසල් වැනි පිරිපහදු කළ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පහත වැටීමත් සිදුවනු ඇත.

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්

ආර්ථික විශ්ලේෂකයෝ පවසන්නේ, මෙම තීරණය ඉදිරි මාසවලදී ආසියානු කලාපයේ බලශක්ති මිල ගණන්වලට සෘජු හා තීව්‍ර බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ බාධාවන් නිසා ගෝලීය තෙල් සැපයුම් දාමයේ බරපතල ආතතියක් ඇති වී ඇති අතර, සෞදි ඇරම්කෝ රතු මුහුදු මාර්ගයෙන් අපනයන වැඩි කිරීමට උත්සාහ දරමින් සිටියදී මෙම කප්පාදුව සිදු වී ඇත.

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී