සරත් ෆොන්සේකාගෙන් හමුදාවට විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Army Parliament of Sri Lanka Sarath Fonseka Sri Lanka Politician
By Sewvandhi Jul 06, 2022 01:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හමුදාපතිගේ කීර්තිනාමයත්, හමුදාවේ කීර්තිනාමයත්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ කීර්තිනාමයත් රැකෙන ලෙස කටයුතු කරන ලෙස ගෞරවයෙන් යුතුව හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේ හමුදාවේ වැරදි කරන නිලධාරීන් හට උපරිම දඬුවම් ලබාදෙන ලෙසටය. 

මේ අතර එළඹෙන 09 වනදා රට තුළ සිදුකෙරෙන අරගල සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන්ද එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා.

"මේ වෙලාවේ මේ වගේ දෙයක් වෙලත් දේශපාලනඥයින්ට මේ ගැටලුවෙන් රට බේරාගැනීමට නොහැකිව විහිලු සපයමින් ඉන්නවා කියන එකයි මට වැටහෙන්නේ. බලයට පොරකනවා. අපි දකිනවා උදේ ඉඳලා රෑ වෙනකල් සාකච්ඡා පවත්වනවා. ඒ වගේම හැමදාමත් වගේ දේශපාලන උප්පරවැට්ටි සිද්ධවෙනවා. ඔලුගෙඩි මාරුවෙනවා, සන්ධාන හැදෙනවා.

බලය ලබාගන්න නොයෙක් ජිල්මාට් සක්කරවට්ටම් වැඩ කර කර යටි කූට්ටු වැඩ කර කර කට්ටිය කාලය ගතකරනවා. සමහරු ව්‍යවස්ථා සංශෝධන ගැනත් කතාකරනවා මේ වෙලාවේ මම දකින්නේ ව්‍යවස්ථා සංශෝධන කළා කියලා රටක් වෙනස්වෙන්නේ නෑ. මේ රටේ මොන ව්‍යවස්ථාව තිබුණත් දේශපාලනඥයෝ හරියට වැඩ කරනවා නම් රට ඉදිරියට යාවි

. ජනතාව තේරුම්ගන්න ඕන මේ රට වෙනස්වෙන්න නම් දේශපාලන සංස්කෘතිය වෙනස්වෙන්න ඕන කියන එක. මම හැමදාමත් මේ කතාව කියනවා. දේශපාලනඥයෝ තමුන්නාන්සේලාගෙන් හොරකම් කරලා තමුන්නාන්සේලාට සොච්චමක් දීලා ඡන්දේ කාලෙට ඇවිල්ලා තමුන්නාන්සේලාට ටකරමක් දීලා, බෝතලයක් දීලා එහෙම නැත්නම් ආහාර මල්ලක් දීලා තමුන්නාන්සේලාගේ ඡන්දය ගන්නවා. 

තමුන්නාන්සේලා ඒ දේශපාලනඥයෝ ගැන විශ්වාසය තියනවා. ඊට පස්සේ තමුන්නාන්සේලාගේ දරුවට රස්සාවක් ගන්න දරුවෝ ඉස්කෝලෙට දාන්න තමුන්නාන්සේලා දේශපාලනඥයෝ පස්සේ යන්න පටන් ගන්නවා. ජනතාව නිවැරදි ජනතා නියෝජිතයෝ තෝරාගන්න ඕන. නියෝජිතයෝ තෝරාගැනීමේදී උගත්කම තිබුණා  උපාධි තිබුණා කියලා මදි, සල්ලි තිබුණා කියලා මදි.

අනිවාර්යයෙන්ම කාර්යශූර, කඩිසර, නිර්මාණශීලී, අවංක දේශපාලනඥයෝ තෝරාගන්න ජනතාව උනන්දු වෙන්න ඕන. ජනතාව ඡන්දයක් දෙන්න ඉස්සරවෙලා අනිවාර්යයෙන්ම දේශපාලනඥයාගේ පැටිකිරිය දේශපාලනඥයාගේ අතීතය, එයා මොනවද කරලා තියෙන්නේ, මොනවද කරන්න පුළුවන් කියන එක හොඳට හොයලා බලලා තමයි ඡන්දයක් දෙන්න ඕන. මේ දේශපාලන සංස්කෘතිය වෙනස්කරගන්න ඕන නම්."

"ලෝකේ වෙන රටවල දේශපාලනඥයෝ අපි දකිනවා එයාලා අසාර්ථක වුනාම, එයාලගේ වැරදි ජනතාව අතරට ගිහිල්ලා ජනතාව දැනුවත් වුනාම ඒගොල්ලෝ පාර්ලිමේන්තු වලින් ඉල්ලා අස්වෙනවා. එක්කෝ ඒගොල්ලෝ දේශපාලනයෙන් යනවා. නමුත් මේ ක්‍රමවේදය අපේ රටේ නෑ. අපේ රටේ දේශපාලනඥයෝ අර ගෙවලයෝ වගේ, පයින් ගැහුවත් උඩගිහිල්ලා කැරකිලා වැටෙන්නේ ගේ පැත්තට හැරිලා. ඒ ඇරෙන්න ජනතාව ගැන හිතලා රට ගැන හිටලා ආත්ම ගරුත්වය ගැන හිතල ඒවා අතහරින්න අපේ දේශපාලනඥයෝ ලෑස්ති නෑ. පහුගිය දවස්වල අපි දැක්ක හොඳම උදාහරණයක්. ජනතාවත් මේක තේරුම්ගන්න ඕන."

"මේ උදාහරණය ආවා පොළොන්නරුවෙන් අපිට. අර පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඔක්කොම ඇවිල්ලා තියෙද්දිත්. නිකන් උඩ බලාගෙන ඉඳල ප්‍රහාරය එන දවසේ රටින් පැනලා ගිහිල්ලා සිංගප්පූරුවට ගිහිල්ලා විවේකයෙන් කාලය ගතකළා. උදේ 8.30ට ප්‍රහාරය ආවාම උදේ 9ට තිබුණු ෆ්ලයිට් එක අරගෙන ලංකාවට ආවේ නෑ. 3ට තිබුණු ශ්‍රී ලංකන් ගුවන් යානයේ ආවෙත් නෑ. රෑ 9ට තිබුණු ශ්‍රී ලංකන් ගුවන් යානයේ ආවෙත් නෑ. පාර්ලිමේන්තු කාරක සභාව ඉස්සරහට ඇවිල්ල බොරු කිව්වා ඒකේ සීට් තිබුණේ නෑ කියලා. ඒ ගුවන් යානා දෙකේම බිස්නස් ක්ලාස් සීට් 10කට වඩා තිබුණා.

ඉකොනොමි ක්ලාස් සීට් 30ක් විතර තිබුණා. ඇවිල්ලා බොරු කියලා රෑ 1ට තමයි ලංකාවට ආවේ. රටේ ආරක්ෂක ඇමති. සිංගප්පූරු ගුවන් යානයක ලංකාවට ආවා රෑ 1ට. එතකොට මේ වගේ වැඩකරපු මිනිස්සුන්ටත් වැඩිම මනාප දීලා මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට එව්වා. එතකොට මේ ක්‍රමය අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන. මේ ක්‍රමය වෙනස්කරගත්තේ නැත්නම්. අපේ රටේ ජනතාවට හැමදාම දුක්විඳින්න සිද්ධවෙනවා. ජනතාවට යහපතක් වෙන්නේ නෑ. අපේ රටේ ජනතාව යන්තම් නොකා නොබී කාලා බීලා ජීවත්වෙන කට්ටියක්. මේගොල්ලොන්ට සමෘද්ධිය දුන්නොත් සෑහීමකට පත්වෙනවා.

එහෙම නැත්නම් මොනවා හරි කුඩා උදව්වක් ලැබුණාම ආණ්ඩුවෙන්, රුපියල් 2000ක් 5000ක් ලැබුණාම සන්තෝෂයට පත්වෙලා සෑහීමකට පත්වෙනවා. අපේ රටේ ජනතාව තේරුම්ගන්න ඕන මේ ඉන්න නරාවලෙන් ගොඩ එන්න නම් ඔය ඉන්න ආකල්ප වෙනස්වෙන්න ඕන කියලා." 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now