මෙරටදී ප්‍රංශ කතක් සමඟ සැපගන්න ගිය දෙදෙනෙක් මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna Apr 17, 2023 05:49 AM GMT
Aruna

Aruna

Report

මාරවිල - තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයකින් සම්භාහනය කරගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පැවසෙන අයෙකුව සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රංශ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය බලපත්‍ර ලබා නොගෙන පවත්වා ගෙන ගිය එකක් බවටද පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තමන් පසුගිය 15 වෙනිදා මෙරටට පැමිණ මාරවිල - තල්විල ප්‍රදේශයේ තරු හෝටලයක නවාතැන් ගත් බවත්, 16 වෙනිදා සවස සම්භාහනය සිදුකර ගැනීම සඳහා එම ප්‍රදේශයේම පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් වෙත ගිය බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා තිබේ.

පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සිරුර සම්භාහනය කරන මුවාවෙන් එහි සිටි සේවකයෙකු තමන්ගේ ලිංගික ප්‍රදේශය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම නිසාවෙන් තමා එම ස්ථානයෙන් පිටව ගිය බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now