සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රභල සාක්ෂියක් හමුවෙයි..තවත් තරුණයෙකු මහ පාරේ මරාදමයි.

Police Mathara Sanshin sudda Harak Kata
By Aruna Sep 12, 2021 02:06 AM GMT
Aruna

Aruna

Report

සපුගස්කන්ද පෙලෙන්ගහහේන හංදිය අසලදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කිරීම පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (11) රාත්‍රී කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට සපුගස්කන්ද පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන් විසිනුයි මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර ඇත්තේ.

රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහු මාපොළ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

මේ පිළිබඳ පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ මිතුරෙක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හමුවේ මිතුරා විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවටයි.

සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සපුගස්කන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මේ අතර අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා ඝාතනයට සැකකරුවන් පැමිණි වෑන් රථය නීති විරෝධීව එකළස් කරන ලද එකක් බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම වෑන් රථය පසුගිය 4 වනදා මාතර නාදුගල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදීයි සොයා ගැණුනේ.

එම වෑන් රථය සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශණ සිදුකර එහි හිමිකරු පෙරේදා 10 වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 33ක් වයසැති සැකකරු සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු කොටවිල පොලිසියට වැඩිදුර විමර්ශණ සඳහා ඉදිරිපත් කර ඇති අතර දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම වෑන් රථය නීති විරෝධීව එකළස් කරන ලද එකක් බවටයි.

පසුගිය අගෝස්තු මාසයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයගේ සමීපතමයෙකුට ලබාදී ඇතැයි ද සැකකරු අනාවරණ කර තිබෙනවා.

වෑන් රථයේ හිමිකරු වන සැකකරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙක් බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා ඊයේ (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පසුගිය 3 වනදා වැලිගම වරකපිටිය ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දා ඝාතනය කෙරුණු අතර සිද්ධියට අදාළව කොටවිල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now