වරායෙන් බාද්දී තෙල් මිල කීයද? මිල සුත්‍රය මොකක්ද? ඉන්ධන මිල ගැටලුවක් වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසන්නේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යන සෑම අවස්ථාවකදීම මෙරට තෙල් මිල සංශෝධනය කරන්නේ නම් ආණ්ඩුවක් පවතින්නේ කුමකටදැයි අතීතයේදී මතු කළ ප්රශ්නය මෙරට ජනතාවට තවමත් අමතක වී නොමැති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ඔහු වැඩිදුරටත් පැවසුවේ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් මොහොතේ වරායෙන් ගොඩබානු ලබන පෙට්‍රල් ලීටරයක සැබෑ පිරිවැය කොපමණද යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව හමුවේ පැහැදිලි කළ යුතු බවයි.
රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - වැටුප් වර්ධක ලබා ගැනීමට හා සේවය ස්ථිර කිරීමට - මේ සහතිකය පොලිසියෙන් අත්‍යවශ්‍යයි
පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් දහයක බද්දක් වෙනුවට රුපියල් විස්සක් හෝ අය කර, එසේත් නැතිනම් යෝජිත බදු මුදල දෙගුණයකින් ඉහළ නංවා හෝ ඉන්ධන මිල ප්‍රකාශයට පත් කරන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
වත්මන් පාලනය තුළ සිදුවන මෙම ක්‍රියාකලාපයන් හේතුවෙන් මෙරට පොදු ජනතාව බලවත් වේදනාවකින්, දැඩි කලකිරීමකින් මෙන්ම ආණ්ඩුව කෙරෙහි දැඩි දේශපාලන කෝපයකින් පසුවන බවත්, මෙය පාලකයන්ට නොතේරෙනවා යැයි සිතිය නොහැකි බවත් සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.