සංජානා සංගීත්ගේ සැබෑම පෙම්වතියද...? සංගීත් හෙළිකළ කතාව (PHOTOS)
අපේ රටේ ඉන්න කවුරුත් දන්න කියන දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සංගීත් සතරසිංහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කලාව ඔහුගේ රුධිරය හා මුසුවී පවතින නිසාම කෙටි කාලයකින් ඔහු කළා ක්ෂේත්‍රයේ දීර්ඝ ගමනක් මේ වන විටත් පැමිණ හමාරයි.
ඉතින් ඒ වගේම මේ වනවිට රංගනයට අමතරව ඡායාරූප කරණයට සහ යූ ටියුබ් නාලිකාවකට අත් පොත් තබා වෙනස්ම ගමනක යෙදෙන ඔහු ගැන නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවත් අපට අහන්නට දකින්නට ලැබෙනවා. එත් එක්කම මේ දිනවල පාරදිගේ සහ ෂැඩෝ ටෙලි නාට්‍ය දෙක හරහාත් අපට ඔහුව දැකගන්න ලැබෙනවා.
ඉතින් මේ කඩවසම් ජනප්‍රිය රංගන ශිල්පියා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් කතා බහ කරලා තබුණා. ඉතින් ඒ වගේම ඔහු දැන් පෙම්වතෙක් නෙවෙයි කියලා තමයි ඔහු කියන්නේ. ඔහුගේ ජීවිතයේ ඔහුට මගහැරුණ දේවල් ටික්ක තියෙනවාලු.
ඒ වගේම ජීවිතයේ තව ඉලක්ක ටික්ක තියෙනවාලු. ඒ දේවල් සම්පූර්ණ කරගෙන කාලයට ඉඩදීලා ඔහු දැන් ඉන්නවාලු. ජීවිතයේ ඉලක්කවලට යන්න හරිම කෙනා හමුවෙනවා නම් ඒක ලොකු පහසුවක් වෙයි කියලා තමයි ඔහු කියන්නේ. ඒත් ඔහු හරිම කෙනා හමුවෙනතුරු බලාගෙන ඉන්නවාලු. මොකද නැවතත් ආදරය, විවාහය සම්බන්ධව ඔහු ගන්න තීරණය ඉතා නිවැරදි විය යුතුයිලු.
වැරදි තීරණ අරන් ආයෙ නිවැරදි කරගන්න ඔහුට තවත් අවස්ථාවක් නැහැ කියලා තමයි ඔහු නම් කියන්නේ. ඉතින් ඒ වගේම ඔහුගේ ප්‍රේමවන්තිය ඔහුගේ දෙමව්පියන්ට වගේම ඇයගේ මව්පියන්ටත් ආදරයෙන් ගෞරවයෙන් සලකන කෙනෙක් විය යුතුයි කියලා ඔහු හිතනවලු. රංගනයට අමතරව ඔහුගේ දෙවැනි රැකියාව ලෙස සලකන්නේ ඔහු දැන් කරන මංගල ඡායාරූපකරණයලු.
ඉතින් ඒ වගේම ඔහුගේ තාත්තා රඟපෑවා කියලා ඔහුට නළුවෙක් වෙන්න ලොකු වුවමනාවක් තිබුණේ නැහැලු. ඔහු ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ. පාසල් කාලයේ ඔහු දක්ෂ මලල ක්‍රීඩකයෙක්ලු. 2008 වසරේදී ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධයක් නිසා ක්‍රීඩා දිවියට සමුදෙන්න සිදුවුණාලු. ඉන් පස්සෙයි තමයි ඔහු රංගනයට පිවිසෙන්නේ.
කොහොම නමුත් ඔහු කලා ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ නිවේදකයෙක් විදිහටයි. ඒ වගේම ඔහු කිසිම තැනක කාටවත්ම මඩ ගහල නැහැලු. හැබැයි ඇතැමුන්ඔහුට මඩ ගැහුවා කියලා තමයි ඔහු කියන්නේ. පහුගිය කාලයේ ඔහු තරම් කටකතාවලට ලක්වුණ නළුවෙක් තවත් නැහැ කියලත් ඔහු කියනවා.
ඉතින් ඒ වගේම පහුගිය කාලයේ ඔහුටයි, සංජනාටයි එකට වැඩ ගොඩක් කරන්න ලැබුණාලු. ඉතින් ඒ දෙන්නගේ බාහිර රූපයේ ගැළපීමක් නිසාදෝ ඔවුන් දෙන්නා එකට කරන වැඩවලට වාණිජ වටිනාකමක් ලැබුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් එකට වැඩ කිරීම නිසා ඔවුන් අතර ලොකු හිතවත්කමක් ගොඩනැගුණාලු.
ඉතින් ඔය අතර ඇය සංගීත්ගේ පෙම්වතිය කියලා කටකතාවක් පැතිරුණාලු. ඇත්තම කතාව ඔහු සංජනාගේ පෙම්වතා නෙවෙයිලු, ඇය ඔහුගේ හිතවතියක් පමණයි කියලා තමයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.