දැයට කිරුල කාර්යාලයේ හිටපු විධායක ලේකම්වරියට ඇප
දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා වැසිකිළි 240ක් ඉදිකිරීමේදී රජයට රුපියල් ලක්ෂ 90ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබූ එම ප්‍රදර්ශන කාර්යාලයේ හිටපු විධායක ලේකම්වරියක වන කාන්ති ගුණවර්ධන මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) නියෝග කර ඇත.
ඒ අනුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාරියට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
යුද්ධේ නිසා ඉන්දියාවේ තවත් ප්‍රශ්නෙකින් ගිනියම් වේ - දැඩි අර්බුදයක් සමඟින් කොන්ඩම් මිලත් ගිනි ගණන් වෙන ලකුණු
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, එක් වැසිකිළියක් ඉදිකිරීම සඳහා රුපියල් 50,000ක මුදලක් ඇස්තමේන්තු කර තිබියදී සැකකාරිය විසින් එම ඇස්තමේන්තු නොතකා එක් වැසිකිළියක් සඳහා රුපියල් 22,000ක මුදලක් පමණක් වියදම් කර ඇති බවයි.
මේ හරහා රජයට රුපියල් ලක්ෂ 90ක මූල්‍යමය පාඩුවක් සිදු කර ඇති බවත්, අදාළ ටෙන්ඩර් කටයුතු සිය හිතවතුන්ට වාසි සැලසෙන පරිදි ලබා දී ඇති බවත් කොමිසම වැඩිදුරටත් අනාවරණය කළේය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනුෂ්ක ප්‍රසන්න මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට වසර 10කට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩුවක් පැවති බවත් එය නීතිපති උපදෙස් සඳහා යොමු කර තිබූ බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට ඇප නියම කළේය.