ජාතික පාසලකට යන්න බලන් හිටපු සිසුන්ට සුබම සුබ ආරංචියක්
2026 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා අයදුම් කරන සිසුන් තම අයදුම්පත් මෙම මස 27 වැනිදාට පෙර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත සෘජුවම යොමු කළ යුතුය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරන බැවින් එම ශ්‍රේණිය සඳහා මෙම ක්‍රමවේදය අදාළ නොවන බවත් සඳහන් වේ.
පාසල්වල පවතින සැබෑ පුරප්පාඩු සංඛ්‍යාව මත පදනම්ව විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදු කළ යුතු අතර, කිසිදු හේතුවක් මත අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු නොකළ යුතු බව ද දන්වා සිටියි.
නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් කිසිසේත්ම සලකා නොබලන බවත්, අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ලකුණු ලබාදීමේ පටිපාටියට අනුකූලව පමණක් සුදුසුකම් ලත් සිසුන් තෝරාගත යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.