ශ්‍රී ලංකාවට IMF නියෝජිතයන්ගෙන් ප්‍රශංසාවක් - හේතුව මෙන්න

Report

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක්ව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ මේ වන විට ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (02) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව ඇත.

එහිදී විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, මෑතකාලීන ආර්ථික වර්ධනයන් මෙන්ම, දැනට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගෙන ඇත.

පාසල්වල ගුරු හිඟය පියවන්න සුදුසුකම් ලත් මේ ගුරුවරු කඩිනමින් බඳවා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

පාසල්වල ගුරු හිඟය පියවන්න සුදුසුකම් ලත් මේ ගුරුවරු කඩිනමින් බඳවා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

එහිදී විශේෂයෙන්ම, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, විධිමත් ආකාරයට ආදායම් කළමනාකරණය සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීමෙන් මෙරට ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් බවට පත් වී ඇති බව ඔවුහු පෙන්වා දී ඇත.

ඒ අනුව මෙහිදී ළඟා කර ගත් ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳවද සාකච්ඡා කළ බව සඳහන්.

එසේම මෙහිදී මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා මෙරටට එල්ල වී ඇති බාහිර අභියෝගය හමුවේ ඉන්ධන මිල සහ බලශක්ති සැපයුම කෙරෙහි සිදුව ඇති බලපෑම කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මහජනතාවට ඇති වන දුෂ්කරතා සහ බලපෑම් අවම කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමේ වැදගත්කමද අවධාරණය කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න

රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න

කෙසේ වෙතත් මෙම බාහිර අභියෝග මධ්‍යයේ වුවද, ළඟා කරගත් ආර්ථික වර්ධනය පවත්වා ගනිමින් මෙරට ජන ජීවිතය සහ ආර්ථිකය මනා සේ කළමනාකරණය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලක් විය.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiouමහතා ඇතුළු එහි නියෝජිතයන් වන Martha Woldemichael, Enrique Flores Curiel, Dinar Prihardini, Ursula Wiriadinata, OzlemAydin, YorbolYakhshilikov, KlakowAkepanidtaworn සහ මානවි අබේවික්‍රම යන අය සහභාගි වූ අතර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ,ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපෝන්සු,ශ්‍රී ලංකා මහබැංකුවේ අධ්‍යක්ෂ එස්. ජෙගජීවන් යන අය එක්ව සිටි බව සඳහන්.

පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා - ජනපතිට විශාල චෝදනාවක්

පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා - ජනපතිට විශාල චෝදනාවක්

ඇමරිකානු වැසියන්ට ඉරාන ජනපතිගෙන් අතිවිශේෂ ලිපියක් - ලිපියේ තිබූ දේ මෙන්න

ඇමරිකානු වැසියන්ට ඉරාන ජනපතිගෙන් අතිවිශේෂ ලිපියක් - ලිපියේ තිබූ දේ මෙන්න