පාසල්වල ගුරු හිඟය පියවන්න සුදුසුකම් ලත් මේ ගුරුවරු කඩිනමින් බඳවා ගැනීමට විශේෂ සාකච්ඡාවක්
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබෙනවා.
ඒ අනුව එහිදී මලෛයිගම් ජනතාව මුහුණ දෙන අධ්‍යාපන, නිවාස සහ ඉඩම් ගැටලු පිළිබඳවත්, ඒ වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සියලු ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ බව ද වාර්තා වේ.
එසේම කඳුකරයේ පාසල්වල ගුරු හිඟය පියවීම සඳහා සුදුසුකම් ලත් දෙමළ මාධ්‍ය ගුරුවරු කඩිනමින් බඳවා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. දිගම්බරම්, වී.රාධාක්‍රිෂ්නන් යන මහත්වරු ඇතුළු පක්ෂ සාමාජිකයෝ පිරිසක් සහභාගී වූ බව සඳහන්.