ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ගුටි කෙළියක් - හේතුව මෙන්න

Report

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවකයන් පිරිසකට ලැබුණු ස්ථාන මාරුවීම් මුල් කරගනිමින් ඇති වූ ආරවුලක් හේතුවෙන් වෘත්තීය සමිති නායකයෙකු සහ රෝහල් කම්කරු සේවිකාවක අතර පහරදීමක් සිදුව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙපාර්ශවයම මේ වන විට දඹුල්ල රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන් පිරිසකට ස්ථාන මාරුවීම් ලැබීම පිටුපස අදාළ වෘත්තීය සමිති නායකයා සිටින බවට සේවකයන් චෝදනා කිරීම මෙම උණුසුම් තත්ත්වයට හේතු වී ඇති බවයි.

ජාතික පාසලකට යන්න බලන් හිටපු සිසුන්ට සුබම සුබ ආරංචියක්

ජාතික පාසලකට යන්න බලන් හිටපු සිසුන්ට සුබම සුබ ආරංචියක්

පහරකෑමට ලක් වූ බව කියන සේවිකාව පවසන්නේ තමන් කාන්තා විවේකාගාරයේ සිටියදී පැමිණි වෘත්තීය සමිති නායකයා, ස්ථාන මාරු පිළිබඳ ප්‍රශ්න කිරීම නිසා උරණ වී තමාට අමානුෂික ලෙස පහර දී හිස බිත්තියේ වැද්දවූ බවයි.

කෙසේ වෙතත්, රෝහල්ගතව සිටින සමස්ත ලංකා සුව සේවා වෘත්තීය සමිතියේ අදාළ ක්‍රියාකාරී නායකයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොක්කෙක්ට විරුද්ධව ජනපතිට ලිපියක් - හේතුව මෙන්න

සුරාබදු දෙපාර්තමේන්තුවේ ලොක්කෙක්ට විරුද්ධව ජනපතිට ලිපියක් - හේතුව මෙන්න

තමන් එම ස්ථානයෙන් යන විට අදාළ සේවිකාව තමන්ට බැන වැදුණු බවත්, ඒ පිළිබඳ විමසීමේදී ඇය කොස්සකින් තමාට පහර දුන් බැවින් ආත්ම ආරක්ෂාව සඳහා තමන් ද පෙරළා පහර දුන් බවත් ඔහු පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, වරදකරුවන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවත් රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය අරුණ කුමාර මහතා ප්‍රකාශ කළේය