යුද්ධේ මාස හයක් තිබ්බොත් මේ මහාද්වීපයටම වෙන්නේ මේකයි - ලොවම තැති ගන්වන අනතුරු ඇඟවීමක්

Report

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මාස හයකට වඩා වැඩි කාලයක් පැවතුණහොත්, 2026 වසරේදී අප්‍රිකානු කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 0.2 කින් පහත වැටිය හැකි බවට නවතම වාර්තාවක් මඟින් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන දෙකක්, අප්‍රිකානු සංගමය සහ අප්‍රිකානු සංවර්ධන බැංකුව එක්ව මෙම වාර්තාව සකස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

යුද්ධේ නිසා ඉන්දියාවේ තවත් ප්‍රශ්නෙකින් ගිනියම් වේ - දැඩි අර්බුදයක් සමඟින් කොන්ඩම් මිලත් ගිනි ගණන් වෙන ලකුණු

යුද්ධේ නිසා ඉන්දියාවේ තවත් ප්‍රශ්නෙකින් ගිනියම් වේ - දැඩි අර්බුදයක් සමඟින් කොන්ඩම් මිලත් ගිනි ගණන් වෙන ලකුණු

ඒ අනුව, ගැටුම් දිගුකාලීනව පැවතීම හේතුවෙන් නාවික ගමන් මාර්ගවලට බාධා එල්ල වීම සහ බලශක්ති මෙන්ම පොහොර සැපයුම අඩාල වීම නිසා සමස්ත අප්‍රිකානු මහාද්වීපයේම ආර්ථික වර්ධනය වේගයෙන් අඩාල වීමේ අවදානමක් පවතින බවට සහ මෙම ගැටුම ඔස්සේ දැඩි ජීවන වියදම් අර්බුදයක් නිර්මාණය විය හැකි බවට ටැන්ජියර් (Tangier) හි පැවැති එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසම් රැස්වීමේදී ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් බව වාර්තා වේ.

එහිදී විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යාමටත් වඩා පොහොර හිඟය නිසා ඇතැම් රටවල් දැඩි පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන්.

සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්

සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්

එසේම අප්‍රිකානු මහාද්වීපයේ සමස්ත ආනයනවලින් 16% ක් සහ අපනයනවලින් 11% ක් පමණ සිදුවන්නේ මැදපෙරදිග කලාපය සමඟ බැවින්, මෙම යුදමය තත්ත්වය වෙළඳ කටයුතුවලට සෘජු බලපෑමක් එල්ල කර ඇත.

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්