බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඔහු, මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වශයෙන් කටයුතු කර ඇති බව සඳහන්.