පල්ලේකැලේ ඛේදවාචකයේ අනෙක් සිසුවාත් ජීවිතය හැර යයි - අඹ යහළුවෝ දෙදෙනාට අත්වූ ඉරණම නිසා පාසලම හඬා වැටෙයි[UPDATE]
මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේදී අද (02) දින උදෑසන බිහිසුණු අනතුරට ලක් වූ සිසුන් දෙදෙනාගෙන් අනෙක් සිසුවාත් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල හා විද්‍යාර්ථ විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් අද උදෑසන පිටත්ව ගොස් තිබුණා.
ඒ අනුව අද උදෑසන 6.30ට පමණ පල්ලේකැලේ රත්මල්ඔය පාලම අසළදී ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පෞද්ගලික බස් රථයක ගැටී මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බව වාර්තා විය.
එසේම අනතුරින් එක් සිසුවෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙන අතර අනතුරට ලක්වූ අනෙක් සිසුවා බරපතළ තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.
පාසලක්ම හැඬවූ බිහිසුණු අනතුරින් එක් සිසුවෙක් මරුට - උදේම ඇවිත් තියෙන්නේ වාර්ෂික ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු වෙනුවෙන්
එහෙත් එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහුත් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
විදුහලේ 13 වැනි වසරේ අධ්‍යාපනය ලබන මෙම සිසුන් දෙදෙනා වාර්ෂික මහා ක්‍රිකට් තරගයට අදාළව පත්කළ ආරක්ෂක කමිටුව නියෝජනය කළ අතර තරගය නැරඹීමට පැමිණෙන සිසුන් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පෙර ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු කටයුතුවලට සම්බන්ධ වීම වෙනුවෙන් මොවුන් පෙරවරුවේ යමින් සිට ඇති බව හෙළිව ඇත.
මෙම අනතුර සිසුන් ගමන් ගත් යතුරු පැදිය දිගන සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගැටී අනතුර සිදුව ඇති බවත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.