ඉරානයට එරෙහිව නැවතත් සම්බාධක
By Mithu
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුව වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය මත දැඩි ආර්ථික හා මිලිටරි සම්බාධක නැවත පැනවීමට තීරණය කර තිබේ.
පසුගිය මාසයේ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිපියක් යවමින්, ඉරානය සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම මෙම සම්බාධක වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීමට ඉරානයට දින 30ක කාලයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඉරානය එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල සේවය කළ තානාපතිවරුන් කිහිපදෙනෙකු ආපසු කැදවීමට ද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.