ධම්මික පෙරේරා සනත් ජයසූරියගෙන් සමාව ගනී..
By Aruna
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගෙන් සමාව ඉල්ලා ඇත.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සනත් ජයසූරිය මේ බව පවසා ඇත.
ධම්මික පෙරේරා විසින් මෑතකදී රූපවාහිනී නාලිකාවකදී සනත් ජයසූරියගේ නම වරදවා සනත් ගුණතිලක ලෙස හා අරවින්ද ද සිල්වාගේ නම වරදවා අරවින්ද පෙරේරා ලෙසත් පැවසීය.
මෙම සිදුවීම සමාජ ජාලාවල විශාල වශයෙන් හුවමාරු වූ අතර සනත් ජයසූරියද අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් කියා සිටියේ තමන් සනත් ජයසූරිය බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |