සමෘද්ධියේ ඇති වූ අර්බුදය?..

Sri Lanka
By krishani Jan 02, 2023 08:18 AM GMT
krishani

krishani

Report

සමාජ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ සහනාධාර ඉල්ලුම් කර ඇති පවුල් පිළිබඳ සංගණනය කිරිමේ දී තම සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

මෙම සංගණන කටයුතු මුලික වශයෙන් සිදුකිරීමේ කාර්යය පැවරෙන්නේ සමෘද්ධි නිලධාරීන්ට බව එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍ර ලාල් මහතා පැවසීය.

ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා සංගණන කටයුතුවලින් ඉවත් වීම නිසා එම කටයුතු තම සාමාජිකයින්වෙත පැටවීමට බලධාරීන් කටයුතු කරන බව එම සංගමය චෝදනා කරයි.

කෙසේවෙතත් සංගණන කටයුතු කිරීමට කිසිදු පහසුකමක් තම සාමාජිකයන්ට නොදී බලධාරීන් විසින් බලපෑම් කරමින් සිටින බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක බී. ඒ. පී බස්නායක මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha