ප්‍රබල භූකම්පනයක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්
අමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙසේ සිදුව ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බවයි.
එසේම මෙම භූකම්පනය නිසාවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇත. ඒ ඇලස්කා ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට බව සඳහන්.
මෙහිදී විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ භූමියේ ගැඹුරින් කිලෝමීටර් 20ක ලක්ෂ්‍යයකදී මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.