ලසන්තට පස්සේ සජබේ ජගත්ටත් මරණ තර්ජන - ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දෙවනක් කරයි

Report

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

එබැවින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානය යොමු කොට වහාම ආරක්ෂාව සලසා දීමට කටයුතු කරන ලෙසයි.

ඔහු මේ බව පැවසුවේ අද (24) දින පාර්ලිමේන්තුවේදීයි.

එසේම සජිත් ප්‍රේමදාස සඳහන් කළේ මෙය ඉතාමත්ම බරපතළ තත්ත්වයක් බවයි.

එමෙන්ම එම අවස්ථාවේදී අදහස් දැක්වූ ජගත් විතාන මන්ත්‍රීවරයා, පොලිස්පතිවරයාගේ රහස්‍ය වාර්තාවක් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබී ඇති බව සඳහන් කළා.

පණ බයේ හිටපු ලසන්ත මැරෙන්න කළින් ඉල්ලලා තියෙන දේ - ඝාතනයට හේතුවත් එළි වෙයි

පණ බයේ හිටපු ලසන්ත මැරෙන්න කළින් ඉල්ලලා තියෙන දේ - ඝාතනයට හේතුවත් එළි වෙයි

ඒ අනුව එහි සඳහන් කොට ඇත්තේ ගෙදරින් වාහනෙන් එළියට එන අවස්ථාවේදී තමා ඝාතනය කිරීමට සැලසුමක් තිබෙන බවත් මේ ගැන සොයා බලන ලෙසට මෙම රහස්‍ය වාර්තාවෙන් දන්වා ඇති බවත් ය. එබැවින් අඳාළ රහස් වාර්තාව සභාගත කරමින් ජගත් විතාන මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාගේ ආරක්ෂාව තර කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.

ඒ අනුව ජගත් විතාන මන්ත්‍රීවරයා, "මාව ඝාතනය කරන බව කියලා තියෙනවා. මේ නිසා මට ආරක්ෂාව දෙන්න. මගේ ආරක්ෂාව සලසන්න"යනුවෙන් ඉල්ලා සිටියා.

මනූෂ නානායක්කාරට ලොකු තනතුරක්? හරින්ට දෙවෙනි නැති මනූෂ

මනූෂ නානායක්කාරට ලොකු තනතුරක්? හරින්ට දෙවෙනි නැති මනූෂ

පසුව නැවත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද මීට පෙර ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් ආරක්ෂාව ලබා නොදීම හේතුවෙන් ඔහු ඝාතනය වූ බවත් එවැනි තත්ත්වයක් ඇතිවීමට නැවත ඉඩ නොදෙන ලෙසත් පැවසුවා.

එනිසා ජගත් විතාන මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් වහාම යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ප්‍රකාශ කළා.

අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න

අන්තිම සටනේ සුදු කොඩි අරන් යටත් වුණ අයට වෙඩි තිබ්බ ශවේන්ද්‍ර සිල්වා ගෝඨාභය රාජපක්ෂට දඩුවම් කරන්න