සජබෙන් මොකක්ද මේ කියන්නේ ? සභාපති කරන්නම් කියලා සල්ලි අරන් විපක්ෂව ජන්දේ දීලා

Sri Lanka Politician Samagi Jana Balawegaya Political Development Latest Headlines Sinhala news
By Ashfa Jun 28, 2025 06:42 AM GMT
Ashfa

Ashfa

Report

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට අදාළව බරපතළ අල්ලස් චෝදනාවක් එල්ල වෙයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

සමගි ජනබලවේගයේ සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා පවසන්නේ, එක්තරා කාන්තාවකට ඡන්දය වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් පොරොන්දු වී, ඉන් රුපියල් ලක්ෂ 5ක් අත්තිකාරම් ලෙස ලබා දී තිබුණත්, එම කාන්තාව ඡන්දය ලබා දී ඇත්තේ අල්ලස් දුන් පාර්ශවයට විරුද්ධව බවයි.

ආයේ සැත්කම් කරන්න බැරි වෙයි ? සල්ලි දීලා පිටින් සැත්කම් උපකරණ ගන්න වෙලා

ආයේ සැත්කම් කරන්න බැරි වෙයි ? සල්ලි දීලා පිටින් සැත්කම් උපකරණ ගන්න වෙලා

පාදුක්ක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඡන්ද පත්‍රිකාවේ පිටුපස ඇති අංකයක් මගින් මෙම තොරතුර තහවුරු කරගෙන ඇති බවයි.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

මේ හේතුවෙන්, මුදල් ලබා දුන් පාර්ශවය එම කාන්තාව තමන්ට ඡන්දය නොදුන් බව පවසමින්, අත්තිකාරම් ලෙස දුන් මුදල් ආපසු ලබා ගැනීමට ඇය පසුපස හඹා යමින් සිටින බවද ඔහු ප්‍රකාශ කලේය.

නිරෝෂන් පාදුක්ක මහතා මෙම තොරතුරු අනාවරණය කළේ සමගි ජනබලවේගයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ReeCha