ප්‍රධානතම මාර්ග කිහිපයක් අවහිර වෙයි..දැවැන්ත ජන ගඟක්.(VIDEO)

By Sewvandhi Nov 16, 2021 09:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු සර් මාර්කස් ප්‍රනාන්දු මාවත මුළුමනින් ම අවහිර වී තිබේ.

 වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා මතුව ඇති බවය.

කෙසේ වෙතත්, මෙම විරෝධතා තහනම් කරන්නැයි ඉල්ලා පොලීසිය අධිකරණ කිහිපයකින් නියෝග ඉල්ලා සිටි අතර, බොහෝ අධිකරණ එම ඉල්ලීම් ඊයේ (15) ප්‍රතික්ෂේප කළ අතර, ඇතැම් අධිකරණ පොලිසිය කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන විරෝධතා පැවැත්වීම තහනම් කර තිබුණා.

මේ අතර, සමගි ජන බලවේගය කොළඹදී ආරම්භ කර ඇති විරෝධතාවය පාලනය කිරීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ පොලීසියේ රාජකාරියට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha