මුහුණු පොත හරහා ත්‍රීරෝද රථයක් මිලට ගත් STF කොස්තාපල්වරයාට සිද්ධ උන ඇබැද්දිය..

By Piyumika Jun 18, 2024 05:42 AM GMT
Report

රත්ගම ප්‍රදේශයෙන් සොරාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 11 ක් වටිනා ත්‍රීරෝද රථයක් මුහුණු පොත හරහා විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකුට රුපියල් 1,75000 ක් මුදලකට අලෙවිකර තිබියදී සොයා ගත් බව රත්ගම පොලිසිය වාර්තා කලේය.

මල්ගම්මනෙන් හමු වූ ඇස් අදහා ගත නොහැකි දේ..(PHOTO)

මල්ගම්මනෙන් හමු වූ ඇස් අදහා ගත නොහැකි දේ..(PHOTO)

සොර බඩු මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා ඇත.

මෙම ත්‍රීරෝද රථය ඉකුත් 16 දින රත්ගම ගාලු පාරේ ගම්මැද්දගොඩ ප්‍රදේශයේ නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති බව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි .

ලැබුණ පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා රජගම පොලිසිය ඊයේ (17) ත්‍රී රෝද රථය සමඟ විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

හොඳ කෙල්ලෙක් සෙට් වුණ පුතා පියා නිවසේ නොමැති අවස්ථාවේදී සිදු කල දේ ..

හොඳ කෙල්ලෙක් සෙට් වුණ පුතා පියා නිවසේ නොමැති අවස්ථාවේදී සිදු කල දේ ..

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මුහුණු පොත හරහා දමා තිබූ දැන්වීමකට අනුව ගොස් රුපියල් 1,75,000 ක මුදලකට එය මිලදීගත් බවයි.