රාජ්‍ය සේවකයන් ඇතුළු විශ්‍රාමිකයන් ලක්ෂ 20කට වැටුප් වැඩිවීමක්.

Ranil Wickremesinghe Government Employee Sri Lanka Government Of Sri Lanka Budget 2024 - sri lanka
By Wayomi Nov 12, 2023 09:12 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට මෙවර අයවැයෙන් වැටුප් වැඩිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග වලට අනුව රාජ්‍ය සේවක සහ විශ්‍රාමික වැටුප් වැඩිවීමට අමතරව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්‍ෂ 10 කට සහන සැලසීමට ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත.

ඒ, අනුව රාජ්‍ය සේවක වැටුප වැඩිවීම අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වැනි ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රාජ්‍ය මූල්‍ය අංශය තවදුරටත් බරපතළ සංකීර්ණ ගැටලුවලට මුහුණදෙමින් සිටින බැවින් වියදම් කාර්යක්‍ෂමව කළමනාකරණය කරන අතරම රාජ්‍ය බදු ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හෙට (13) ඉදිරිපත් වන අය වැයෙන් ප්‍රමුඛ අවධානය යොමු කර තිබෙනවා.

මේ අනුව වැට් බදු වැඩකිරීම ඇතුළු නව බදු ආදායම් යෝජනා කිහිපයක් අය වැයෙන් ඉදිරිපත්වන අතර දැනට ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කිරීමට ද අය වැයෙන් අවධානය යොමු කර තනි බවත් සඳහන්.

වර්ෂ තුනක (2024 – 2026) යන වර්ෂ තුනක මැදිකාලීන රාමුවක් තුළ අයවැය සැකසෙන අතර ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කර ගැනීම සඳහා සැලසුම් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙවර අයවැයෙන් අවධානය යොමුව ඇත.   

ReeCha