රනිල් වික්‍රමසිංහගේ ක්‍රමේට රට අරන් ගියානම් අද අපි දිනුම් - වජිර අබේවර්ධන

Ranil Wickremesinghe Vajira Abeywardena Latest Headlines Value Added Tax​ (VAT) Sinhala news
By Ashfa Jul 16, 2025 08:48 AM GMT
Ashfa

Ashfa

Report

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ, යහපාලන ආණ්ඩුවේදී එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහයෙන් ඇමෙරිකාවේ Millennium Challenge Corporation (MCC) වැඩසටහන තුළින් ඩොලර් මිලියන 415ක තෑගි මුදලක් ලංකාවට ලබා ගැනීමට අවස්ථාවක් තිබුණු බවත්, සමහරුන්ගේ විරෝධතා හේතුවෙන් එය ක්‍රියාත්මක විය නොහැකි වූ බවත්ය.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

අබේවර්ධන මහතා මෙම අදහස් දැක්වූයේ, යක්කලමුල්ල කරාගොඩ ශ්‍රී දේවරක්ඛිත විහාරස්ථානයේ පැවැති ඇසළ කලාප විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදීය.

“අද දිනයේදී රටේ ප්‍රධානම සාකච්ඡාව වනුයේ ඇමෙරිකානු බදු ප්‍රතිපත්තිය ගැනයි. 2015දී රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිව MCC වැඩසටහන රටට හඳුන්වාදීමට උත්සාහ කළා. එවිට ලැබෙන්න තිබුණු ඩොලර් මිලියන 415ක තෑගි මුදලක් විරෝධතා හේතුවෙන් අහිමි වුණා,” යැයි ඔහු පැවසීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එකමුතුවින් මෙය ක්‍රියාත්මක කිරීමට අවසර දුන් නමි, ශ්‍රී ලංකාව ආසියාවේ පළමු බදු සහන සහිත රාජ්‍යය බවට පත්වනු ඇතැයිය. “එවකට කිසිදු ලාභයක් නොදැන, සමහරු MCC පිළිබඳ බියපත් කරමින් ව්‍යාජ තොරතුරු පැතිරුවා. දැන් තමයි ඉතිහාසයේ පාඩමක් ලැබෙන්නේ. අප ඒක ජනතාවට හරි ආකාරයට පැහැදිලි කරන්න බැරි වුණා. ඒ හේතුවෙන් අද ජනතාවට ලැබිය යුතු වාසි අහිමිවෙලා,”

යැයිද ඔහු සදහන් කළේය.

නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

“අද ඇමෙරිකානු බදු සියයට 44කින් 30කට අඩු වුණා කියලා කිව්වොත්, මම හිතන්නේ ඒක ලජ්ජාජනක කාරණයක්. මේ වගේ අවස්ථාවන්ට තේරුම් ගන්න පුළුවන් ජාත්‍යන්තර දේශපාලන අවබෝධය ඇති නායකයෝ තමයි රට පාලනය කරන්න ඕන,” යැයිද වජිර අබේවර්ධන මහතා අවසන්ව සඳහන් කළේය.

මෙම අවස්ථාවට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද කාරියවසම් මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ReeCha