රාජ්‍ය සේවකයන්ගේ වැටුප ලබන ජනවාරි මාසයේ සිට වැඩි වෙයි - බිමල්
රජයේ සේවක වැටුප් වැඩිවීමක් එළඹෙන ජනවාරි මාසයේදී සිදුවන බවට වරාය, නාවික, සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බස් ඩිපෝ විසිපහක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම ආයතන කාර්යක්ෂමව මහජනතාවට සේවය කරන ආයතන බවට පත්කළ යුතු බව ද සඳහන් කළා.
එසේම බස් ඩිපෝවල වැඩිපුර කැපවීමෙන් සේවය කරන සේවකයන්ට, ඊට සරිලන පරිදි වැඩි වැටුපක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පවසා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් වර්තමානයේ බොහෝ තැන්වල රජයේ සේවක වැටුප් වැඩිවීමක් සිදු වන බවට විවිධ පුවත් පළ වීම දැකගත හැක.