වසර දහ තුනකට පසු මරදගහමුල සහලින් පිරේ
මරදගහමුල ගබඩා සංකීර්ණය දැන් සහලින් පිරී තිබෙන බව වෙළෙඳ වාණිජ හා සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සදහන් කර තිබේ.
මෙය සහල් මිල තීරණය කරන මෙරට විශාලතම සහ ප්‍රධානතම සහල් වෙළෙඳ පොළ ලෙස සැලකෙයි
අමාත්‍යවරයා රජයේ සහල් තොග ගබඩා කර ඇති මරඳගහමුල සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව සතු ගබඩා නිරීක්ෂණයටද එක්ව තිබේ .
ඒ වගේම වසර 13ක කාලයක් එකඳු වී මල්ලක් හෝ සහල් මල්ලක් ගබඩා කර නොතිබූ ගබඩාවක් දැන් සහලින් පිරවීම ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා සදහන් කර තිබේ .
ඒ වගේම සහල් මෙට්‍රික් ටොන් 75,000ක් පමණ ගබාඩා කිරීමට හැකි ධාරිතාවක් සහිත වී ගබඩා දෙකක් ජරාජීර්ණව අභාවයට යන්නට ඉඩහැර තිබීම ජාතික අපරාධයක් බවත් තම රජය යටතේ යළි මරදගහ මුලට පණ ලබා දුන් බවත් වෙළෙඳ වාණිජ හා සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සදහන් කර තිබේ.
මේ සම්බන්ධව තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
'' 2024 වසරේ ආරම්භ වුණ සහල් අර්බුදය 2025 වසරේ ජනවාරි, පෙබරවාරි වන විට සහල් ඉතා ඉහළ මිලකට වෙළෙඳපොළේ පැවතුණා. හැබැයි 2025 වසරේ අපේ සැලසුම් අනුව 2026 වසරේ මේ කාලය වෙනකොට කැකුළු හාල් රුපියල් 200 ට අඩුවෙන් තියාගන්නත්, නාඩු රුපියල් 210 ට, 220 ට අඩුවෙන් තියාගන්නත් අපි සමත් වුණා.
විශේෂයෙන් තොග මිල රුපියල් 210 අඩුවෙන් තියාගන්න මේ වෙනකොට අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවට සහතික මිලක් ලබා දෙන ගමන්, පාරිභෝගික ජනතාවට සහන මිලක් ලබා දෙමින් අවශ්‍ය සහල් තොග ලබා දෙන්න කටයුතු කරනවා. මේ ගබඩාවල රැස් වන සහල් ජනතාවට ලබාදීම සඳහා සිල්ලර වෙළෙඳසැල් හා සමූපකාරවලටත්, ලංකා සතොසටත් ලබාදීමට ජාතික සතොස විසින් කටයුතු කරමින් තිබෙනවා. මේ අනුව අඛණ්ඩව දිනකට සහල් මෙට්‍රික් ටොන් 300කට වැඩි ප්‍රමාණයක් සහල් වෙමින්, රජයේ ගබඩාවලට එකතු වෙන ගමන් වෙළෙඳපොළට නිදහස් කිරීමත් ජාතික සතොස හරහා සිදුකරනවා.
ඒ නිසා වෙළෙඳපොළේ සහල් මිල පාලනය කරන්නත්, ගොවියාට සහතික මිලක් ලබා දීලා ගොවියාත්, පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කරන්න වී අලෙවි මණ්ඩලයත්, ජාතික සතොසත් ඒකාබද්ධව සහල් මිල අඩු කරන්න මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා ''